වඩා හොඳ වැටුප් සහ සේවා කොන්දේසි ලබාදෙන ලෙස රජයට බල කරමින් නවසීලන්ත උසස් පාසල් ගුරුවරුන් මෙම මාසයේ දී දෙවන වරටත් විරෝධතාවයේ නිරත වුණා.
PPTA සාමාජිකයින් 20,000ක් පමණ මෙම වැඩවර්ජනය සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 16 වනදා ප්‍රාථමික පාසල් ගුරුවරුන් විසින් ගෙන ගිය විරෝධතාවය සඳහා ද PPTA සාමාජික ගුරුවරුන් සිය සහයෝගය පළ කර තිබුණා.
PPTA ප්‍රකාශකයෙකු මෙන්ම ගුරුවරයෙකු ද වන පෝල් ස්ටීවන්ස් විසින් Breakfast වෙත අදහස් පළ කරමින් පවසා සිටියේ සිය සංවිධානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
COMMENTS