HomeNewsNew Zealand News

හෙද හෙදියන් දහස් ගණනකට අප්‍රේල් මාසයේ වැටුප් වැඩිවීමක්

හෙද හෙදියන් දහස් ගණනකට අප්‍රේල් මාසයේ වැටුප් වැඩිවීමක්

නවසීලන්තයේ වයෝවෘද්ධ සත්කාර, මාඕරි සහ පැසිෆික් සෞඛ්‍ය සේවා සපයන්නන් සහ අනෙකුත් ප්‍රජා සේවාවන්හි සේවය කරන හෙදියන් 8000 කට වැඩි පිරිසකට ඉදිරි මාසයේදී 15% දක්වා වැඩි වැටුප් ලැබෙනු ඇත.

නවසීලන්තයේ ඒකාබද්ධ මෙහෙයුමකින් මිලියන ගණනක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට; ජාත්‍යන්තර අපරාධ ජාලයක් බිඳ දමයි.
නවසීලන්ත $1 කාසියේ අගය කෙතරම් පහළ ගොස්ද?
පැසිෆික් සාගරයේ 7.1 ක ප්‍රභල භූකම්පනයක්, නවසීලන්තයට සුනාමි අවධානමක් නැහැ.

බොහෝ හෙදියන්ගේ මූලික වැටුප ඔවුන්ගේ රෝහල් පදනම් කරගත් සගයන්ගේ වැටුපෙන් 95% දක්වා වැඩි කිරීම අරමුණු කරගත් මෙම මුලපිරීම සඳහා නවසීලන්ත රජය ඩොලර් මිලියන 200ක් වෙන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය අයේෂා වෙරල් පැවසුවේ මෙම මුලපිරීම මගින් හෙදියන්ට සාධාරණ වැටුපක් ලබා දෙන අතර එම කාර්යය කරන අනෙක් අයට සමානාත්මතාවය ලබා දෙන බවයි. වැටුප් වැඩිකිරීමේ අරමුණ වන්නේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය රඳවා තබා ගැනීමට සහ රෝගීන් රැකබලගන්න හෙදියන්ට උපකාර කිරීමයි.

Share this:
error: Content is protected !!
×