HomeNewsNew Zealand

දෙවන ටෙස්ට් තරඟයේද ජය නවසීලන්තය ලබා ගනී

දෙවන ටෙස්ට් තරඟයේද ජය නවසීලන්තය ලබා ගනී

2nd Test - NZ vs SL (Wellington)

අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට නව රෙගුලාසි නිකුත් කෙරේ
ලොව විශාලතම Sapphire පොකුරේ නවතම තතු
ශ්‍රී ලංකා නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩිකාවන් ට සංග්‍රහයක්…

කේන් විලියම්සන් හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 215ක්ද, හෙන්රි නිකොල්ස් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 200 ලබාගත්තා. ඊට අමතරව ටොම් ලේතම් – 21ක්, ඩෙවෝන් කොන්වේ – 78ක්, ඩැරල් මිචෙල් -17ක් සහ ටොම් බ්ලන්ඩෙල් නොදැවී ලකුණු 17ක් ද රැස්කර ගත් අතර නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම අවසන් වන විට කඩුළු 4ක් දැවී ලකුණු 580ක් ලබාගත්තා.

ඉන් අනතුරුව ආරම්භවූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේදී නිශාන් මධුශ්ක -19ක්, දිනේශ් චන්දිමාල් ලකුණු 37ක් සහ දිමුතු කරුණාරත්න හතරේ පහර 9ක් සමග ලකුණු 89ක් රැස්කරමින් ඉනිම අවසන් වන විට ලකුණු 164ක් ලබාගත්තා.

දෙවන ටෙස්ට් තරඟාවලියේ සිව්වන දිනය එනම් අද දින (20) අවසන් වනවිට ධනංජය ද සිල්වා ලකුණු 98ක්ද, දිනේශ් චන්දිමාල් ලකුණු 62ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 51ක් සමඟ තරඟයේ මුලු ලකුණු 358ක් ලබාගත්තා. ඒ අනුව සත්කාරක නවසීලන්තය දෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 58කින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය තරඟාවලිය 2-0ක් ලෙස සම්පූර්ණ කළේය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS: 0
    error: Content is protected !!