HomeSri Lankan News

නවීන යන්ත්‍රෝපකරණ මගින් ශ්‍රී ලංකා වෙරළ තීරය පිරිසිදු කෙරේ

නවීන යන්ත්‍රෝපකරණ මගින් ශ්‍රී ලංකා වෙරළ තීරය පිරිසිදු කෙරේ

බලපෑමට ලක් වූ වෙරළ තීරයේ කසළ ඉවත් කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ද වැඩසටහනට ඇතුළත් වන අතර, දියත් කිරීම මට්ටක්කුලිය ක්‍රෝ-අයිලන්ඩ් වෙරළ

නවසීලන්ත කණ්ඩායම සමඟ පළමු T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට
ප්‍රභාත් ජයසූරිය තවත් ටෙස්ට් වාර්තාවක් අභියස.
බාල මහත්තයා තනිකර කන්දේ ගෙදර ලොකු හාමිනේ අවසන් ගමන් යයි

බලපෑමට ලක් වූ වෙරළ තීරයේ කසළ ඉවත් කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ද වැඩසටහනට ඇතුළත් වන අතර, දියත් කිරීම මට්ටක්කුලිය ක්‍රෝ-අයිලන්ඩ් වෙරළ තීරයේදී සිදු විය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තුඩාවේ බ්‍රදර්ස් පුද්ගලික සමාගම එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සංචාරකයින් ආකර්ෂණය කර ගන්නේ එහි ඇති සුන්දර වෙරළ තීරය, පරිසරය සහ සංස්කෘතික උරුමයන් නිසා බවයි. එබැවින් වෙරළ ආරක්‍ෂා කරමින් පරිසරය සුරකිමින් මතු පරපුර වෙනුවෙන් සංචාරක ව්‍යාපාරයට දායක වීම කාගේත් වගකීමක් බව ඔහු අවධාරණය කළේය. මෙම වෙරළ සංරක්ෂණ වැඩසටහන තිරසාර ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවලින් සහ සම්පත් දායකයන්ගෙන් සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

The post නවීන යන්ත්‍රෝපකරණ මගින් ශ්‍රී ලංකා වෙරළ තීරය පිරිසිදු කෙරේ appeared first on SriLankaNZ-TV.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×