HomeNewsSri Lankan News

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අනුරාධපුරයේ සංචාරයක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අනුරාධපුරයේ සංචාරයක

අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) අනුරාධපුර මහා

“සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර සිදුකිරීම පිලිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.” – අගමැති හරිනි කියයි
නවක මන්ත්‍රී වැඩමුළුව ඇරඹෙයි, අගමැතිණිය නවක මන්ත්‍රීවරු අමතයි…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම ගැන ජනපති සාකච්ජාවක

අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (23) අනුරාධපුර මහා නායක හිමිවරුන් සහ ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය වන්දනා කොට ආශිර්වාද ලබා ගත්තාය.

ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී. මෙහි දී අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන හිමියන් අග්‍රාමාත්‍යවරියගේ පැමිණීම විශේෂයෙන් ඇගයුමට ලක්කරන ලදී.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑ නායක ස්වාමීන් වහන්සේ වන සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී.

මෙහි දී රුවන්වැලි මහ සෑ නාහිමියන් සමඟ අග්‍රාමාත්‍යවරිය කෙටි පිළිසඳරක යෙදුණු අතර පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් විසින් කෙටි අනුශාසනාවක් සිදු කරමින් අටමස්ථාන ආශ්‍රිතව පවතින ප්‍රවාහන සහ සනීපාරක්ෂක පහසුකම් ගැටලු සම්බන්ධව අග්‍රමත්‍යවරිය දැනුවත් කරන ලදී. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් රජරට විශ්ව විද්‍යාලයට නව භාෂා පීඨයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අග්‍රමත්‍යවරිය දැනුවත් කරන ලදී.

එමෙන්ම ගොවි ජනතාව නව කෘෂි දැනුමෙන් සන්නද්ධ කිරීමට වගා ක්‍රම ගැන අවබෝධය ලබා දීමට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රමයක් නිර්මාණය කිරීමේ වැදගත්කම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම පිළිබඳව රුවන්වැලි මහ සෑ නායක ස්වාමින් වහන්සේ විසින් කෙටි පිළිසඳරෙ දී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය විසින් රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීම සිදු කරන ලද අතර මහ සෑ මළුවේ දී රුවන්වැලි මහා සෑ නාහිමි සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් විසින් එතුමිය වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජාවක් සිදුකරන ලදී.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කොට අශිර්වාද ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහේන සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් ද සම්බන්ධ විය.

Share this:
error: Content is protected !!
×