HomeNewsSri Lankan News

“International Masters League 2025” එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ඇරඹේ

“International Masters League 2025” එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ඇරඹේ

ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාරට..හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' ක්‍රිකට් තරගාවල

නවසීලන්තය අසල රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක්, සුනාමි අවදානමක් නෑ …
ආරක්ෂිතව සිටින ආකාරය සහ වංචා වළක්වා ගන්නේ කෙසේද: NZ පොලිසියෙන් උපදෙස්
නවසීලන්ත රජය Accredited Employer Work Visa (AEWV) සඳහා විශාල ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාරට..

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් මෙහිදී ක්‍රීඩාකරනු ලබයි.

මාර්තු 16වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර පෙබරවාරි 22 වැනිදා පැවැත්වේ.

මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය ඊයේ (14) නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය

කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අෂාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා

Share this:
error: Content is protected !!
×