HomeNewsSri Lankan News

ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ප්‍රථම එක්දින තරඟය ජයගනී

ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ප්‍රථම එක්දින තරඟය ජයගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.දිවා ත

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කලකින් විශිෂ්ට ජයක්
2 වන ටෙස්ට් තරඟයේ පළමු දිනයේ වාසි ඕස්ට්‍රේලියාවට
කැන්ගරුවන් ගාල්ලෙදී සිංහයන් දන ගස්වයි

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දිවා තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 215ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33.5කදී  සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇලෙක්ස් කේරී (41), ආරොන් හාඩි (32) පිත්තෙන් දක්ෂතා දැක්වූවත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි. ශ්‍රී ලංකා ජයග්‍රහණය ආරම්භය දුන් අසිත ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 7ක් එක්වද්දී ආරම්භක පිතිකරු යුගලම ක්‍රීඩාගාරය හරවා යැවීමට කටයුතු කළේය.

අසිත ලබාදුන් එම ආරම්භය සාර්ථක අවසානයක් කරා රැගෙන ගිය දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග හා චරිත් අසලංක කඩුලු දවාගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස්කළේය. නායක චරිත් අසලංකගේ අගනා ලකුණු 127ක නායකත්ව ඉනිම ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කෙරින. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් ලබාගන්නා ලදී.

මේ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. තරඟයේ වීරයා චරිත් අසලංක.

Share this:
error: Content is protected !!
×