HomeNews

2 වන ටෙස්ට් තරඟයේ පළමු දිනයේ වාසි ඕස්ට්‍රේලියාවට

2 වන ටෙස්ට් තරඟයේ පළමු දිනයේ වාසි ඕස්ට්‍රේලියාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී අද (6) ආරම්භ වූ 2වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ල

ඕස්ට්‍රේලියා Test කණ්ඩායම දිවයිනට…
ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ප්‍රථම එක්දින තරඟය ජයගනී
ලෝක ටෙස්ට් අවසන් සටන Proteas හා කැන්ගරුවෝ අතර

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී අද (6) ආරම්භ වූ 2වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරග නතරකරන විට කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියේය. කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කරගෙන සිටියි. 

ඔහු සමගින් ළහිරු කුමාර කඩුල්ලේ රැඳී සිටී.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස්කළේය. ඒ හැරෙන්න තම අවසන් මෙන්ම 100වන ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්න ලකුණු 36කට දැවී ගියේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Mitchel Starc (3/37) හා Nethan Lyon (3/78) කඩුලු 3 බැගින්ද, Matthew Kuhnemann (2/53) කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය.

හෙට තරගයේ දෙවන දිනයයි.

Share this:
error: Content is protected !!
×