HomeNewsSri Lankan News

“ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ පියවර” – අගමැති හරිනි කියයි

“ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ පියවර” – අගමැති හරිනි කියයි

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුළික අයිතිවාසිකම්

අගමැති කාර්යාලයේ තෛපොංගල් සැමරුවේ මෙහෙමයි…
“යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි”
“ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න රජය සූදානම්” – අග්‍රාමාත්‍ය හරිනි

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් (22) පාර්ලිමේන්තු⁣ සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

වැදි ජනතාවගේ ⁣ඓතිහාසික වටිනාකම පිලිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට යොමු කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිලිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිලිබදවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටළු වලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දුන්නේය.

වැදි ජනතාවේ රටේ ඓතිහාසික වස්තුවක් බවත්, ඔවුන් ආරක්ෂාකරමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂාකර දීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පැවසීය.

පරිසර අමාත්‍යංශය මගින් ආදීවාසීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති රෙගුලාසි සම්මත කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කළේය.

ඒ සඳහා පවතින නීතිමය තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව පරිසර අමාත්‍යාංශයේ සහ වන ජීවී දෙපාරිතමේන්තවේ නිලධාරීහු මෙහිදී පැහැදිළි කළහ.

ආදීවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ටද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය. ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් බලගල්ල, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සුරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පරිසර අමාත්‍යංශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරන නිලධාරීන් සහ ආදිවාසීන් පිරිසක් සහභාගී වූහ.

Share this:
error: Content is protected !!
×