HomeNewsSri Lankan News

පිළිකා රෝගීන්ට සුබ පණිවිඩයක්

පිළිකා රෝගීන්ට සුබ පණිවිඩයක්

පිළිකා රෝගීන්ට නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත

සෞඛ්‍ය ඇමති ඖෂධ නියාමන අධිකාරියට යයි
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කෙරේ
අරගල සමයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට අලාභ වශයෙන් ගෙවා ඇති වන්දි මෙන්න…

පිළිකා රෝගීන්ට නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මේ අතර ශ්‍රී ලංකාවේ පිළිකාවට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, හම්බන්තොට සහ රත්නපුර යන රෝහල්වලට උසස් විකිරණ චිකිත්සක උපකරණ ගෙන ඒමේ දෙවන අදියර ආරම්භ කර ඇත.

ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම අද (20) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවීම පිළකා රෝගීන්ගේ මෙන්ම පවුලේ සියලු දෙනාගේද බර සැහැල්ලු කරනු ඇති ද අමාත්‍යවරයා වැඩිදුර පවසයි.

Share this:
error: Content is protected !!
×