HomeNewsSri Lankan News

‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිමි සම්මානය’ ශ්‍රී ලංකාවට

‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිමි සම්මානය’ ශ්‍රී ලංකාවට

මැලේසියාවේ Help University හි ජනවාරි 18 වන දා පැවති ලෝක පාසල් සමුළුවෙන් පසු පැවැත් වු සම්මාන ඇගයිම් උත්සවයේ දී ‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිම

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ගෙන් YouTube හි AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක්…
ශ්‍රී ලංකාවෙ අධ්‍යාපන පද්ධතියට එක්වන නවතම පාඨමාලාව …
AI වීඩියෝ නිර්මාණ සහ සත්‍ය හා අසත්‍ය අර්ථ දැක්වීමේ අනාගතය

මැලේසියාවේ Help University හි ජනවාරි 18 වන දා පැවති ලෝක පාසල් සමුළුවෙන් පසු පැවැත් වු සම්මාන ඇගයිම් උත්සවයේ දී ‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිමි සම්මානය’ ශ්‍රී ලංකාවේ ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාට පිරිනැමුණි.

ඒ නව තාක්ෂණය හා නවෝත්පාදනය යටතේ ඔහු ලෝක පාසල් සමුළුවට ඉදිරිපත් කල “පාසල් කෘතීම බුද්ධිය” නැමති යෝජනාවටය. පාසල් විෂය තුල කෘතීම බුද්ධිය ඉගැන්වීමේ වුවමනාව හා එසේ කිරීමේ ක්‍රමවේදය ඇතුලත් යෝජනාව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සම්මානය ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා වෙත පිරිනමා ඇත.

සමුළුව සදහා රටවල් 85ක් නියෝජනය කර තිබුණි.

එසේ භාරදෙන ලෝකවට ශ්‍රී ලංකාකව නියෝජනය කරමින් ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල ඉදිරිපත් කර තිබු යෝජනාව කෘත්‍රිම බුද්ධිය පිළිබද අංග සම්පුර්ණ ඉගැන්වීම් ක්‍රමවේදයක් බව එහිදී සදහන් විය.

ඒ අනුව ලෝකයේ කෘත්‍රීම බුද්ධිය ඉගැන්වීමේ ක්‍රමවේදය ඇතුලත් යෝජනාවට ලෝක පාසල් සමුළුවේ දී ‘ලොව කෘත්‍රීම බුද්ධි ඉගැන්වීම් ක්‍රමවේදයට හිමි විශිෂ්ටම සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණි.

නුවරඑළිය සෙන් සේවියර් විද්‍යාලයෙන් ආරම්භ කළ කෘත්‍රීම බුද්ධි ශිෂ්‍ය සමාජය හා මාතලේ විජයපාල විද්‍යාලයේ, මහනුවර ශ්‍රී ධිරාන්නද විද්‍යාලයේ ක්‍රියාත්මක යෝජනාවට අදාල කෘත්‍රීම බුද්ධි ඉගැන්වීම් ක්‍රම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමේ නියමු ව්‍යපාතිය පිළිබදව සමුළුව මෙහිදි අවධානය යොමු කළේය.

අධ්‍යාපන, ක්‍රිඩා, නව නිපැයුම්, අදහස් හා යෝජනා නිර්මාණ, සංවර්ධනය, පාසල් නවොත්පාදන හා ඉගැන්වීම යන අංශ යටතේ බොහෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්විය.

අධ්‍යපන, අභියෝග,විශේෂ හැකියාවන් හා කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ආචාර්ය මැලේසියා Help University හි ක්‍රියාකාරි අධ්‍යක්ෂ ආචාර්ය Goh Chee Leong මහතා ඇතුලු ව්‍යපාරික ,අධ්‍යපන හා උසස් අධ්‍යාපන ආයතන ප්‍රධානින් රැසක් මීට එක්ව සිටියහ.

Share this:
error: Content is protected !!
×