HomeNewsSri Lankan News

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍ය හරිනි අතර හමුවක්

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍ය හරිනි අතර හමුවක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
“හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030” එළිදැක්වේ..
“යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි”

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා JICA ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනිණ. සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, “clean sri lanka ” වැඩසටහන සමඟින් දරිද්‍රතාවය පිටුදැකීම සහ ඩිජිටල්කරණය කෙරෙහි රජයේ ප්‍රමුඛතාව ලබාදී ඇති බවද සඳහන් කළාය.

මෙම රැස්වීමට ජපානයේ තානාපති Akio Isomata මහතා සහ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් හා ආර්ථික සහයෝගිතා ප්‍රධානී Kenji Ohashi මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර මහත්මිය, එම අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ සහකාර අධ්‍යක්ෂ රවීන් උබේසේකර මහතා සහ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Share this:
error: Content is protected !!
×