HomeNewsSri Lankan News

77 වන නිදහස් දිනය පවත්වන්න යන්නෙ මෙහෙමයි

77 වන නිදහස් දිනය පවත්වන්න යන්නෙ මෙහෙමයි

2025.02.04 දිනට යෙදී ඇති 77 වන නිදහස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ජනවා

“77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමින්” – ජනාධිපති අනුර කුමාර දිසානායක
ශ්‍රී ලාංකාව අධිරාජ්‍යවාදී හස්තයෙන් මිදී අවුරුදු 77යි
“ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම සැබෑ නිදහසයි” – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2025.02.04 දිනට යෙදී ඇති 77 වන නිදහස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ජනවාරි 02 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නිදහස් දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ හා ඉදිරිපත් කරන සංස්කෘතික අංග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. 77 වන නිදහස් දින උත්සවය මෙම වසරේ පෙබරවාරි මස 04 දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ආචාර්ය ඒ.එච්.එම්.එච් අභයරත්න,මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , කුමාර ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ලේකම්වරුන් වන ආලෝක බණ්ඩාර, නාලක කලුවැව,එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොත්තා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

Share this:
error: Content is protected !!
×