අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නිර්දේශ වෙයි.
මේ වසරේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන අංශ තුනෙන්ම 26 හැවිරිදි කමිඳු මෙන්ඩිස් තරග 32කට ක්‍රීඩා කොට ලකුණු 1451ක් ලබා සාමාන්‍යය 50. w03ක් රඳවා ගැනීම හේතුවෙන් මේ සම්මානයට නිර්දේශ විය.
මෙලෙස නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ක්‍රීඩකයෝ සිවුදෙනෙක් තරග වදින අතර, එංගලන්තයේ ගුස් ඇට්කින්සන්, පාකිස්තානයේ සායිම් අයුබ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ෂාමර් ජෝෂප් කෙටි ලැයිස්තුගත කර ඇති අනෙක් තිදෙනා වෙති.
මේ අතර ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සහ ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ද අයිසීසී සම්මාන සඳහා නිර්දේශ අතරට එක්ව සිටිති.
වනිඳු සහ කුසල් අයිසීසී වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ඇතුළත් කර ඇති අතර, ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි සහ කොදෙව් ක්‍රීඩක ශෙෆරේන් රදර්ෆර්ඩ් ද ඊට එක්ව සිටිති. චමරි අතපත්තු සම්මාන ද්විත්වයකට නිර්දේශ වී සිටීම කැපී පෙනේ. අයිසීසී වසරේ විස්සයි20 ක්‍රීඩිකාව සහ අයිසීසී වසරේ එක්දින ක්‍රීඩිකාව වෙනුවෙන් ඇයගේ නම ඇතුළත් කර තිබේ.
මේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ අයිසීසීහි ලියාපදිංචි රසිකයන් සහ අන්තර්ජාතික ක්‍රිකට් මාධ්‍ය ආයතනවල ප්‍රමුඛ මණ්ඩලයක් වන අතර, මෙහි ප්‍රතිඵල ලබන ජනවාරි අගදී ප්‍රකාශයට පත් කෙරේ.