චීන නාවික හමුදාවට අයත් “Peace Ark” රෝහල් නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබා දෙන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්‍ෂණ සේවාවන් නිර
චීන නාවික හමුදාවට අයත් “Peace Ark” රෝහල් නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබා දෙන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්‍ෂණ සේවාවන් නිරීක්‍ෂණයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඊයේ සහභාගී විය.
චීන රජයේ Mission Harmony – 2024 වැඩසටහනේ අංගයක් ලෙස මෙරටට පැමිණි මෙම නෞකාව දෙසැම්බර් 21වැනිදා කොළඹ වරායට සේන්දු විය. එතැන් සිට අද(27) දක්වා මෙම නෞකාව මගින් මෙරට ජනතාවට මෙන්ම මෙරට රැදී සිටින චීන ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර සේවා ලබා දෙයි.
මෙම රෝහල් නෞකාවේ මැදිහත්වීමෙන් මෙරට සහ ලෝකවාසී ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් මෙන්ම සිදු කරනු ලබන මානුෂීය ප්‍රයත්නය මෙහිදී ඇගයීමට ලක්කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට සහාය වීම තුළින් ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශ්වික සබඳතා තව තවත් ශක්තිමත්වන බව මෙහිදී කියා සිටියේය. ඉතා දීර්ඝ කාලයක සිට මෙරට සෞඛ්‍ය, ආර්ථික, අධ්‍යාපන, සාමාජීය කටයුතුවල උන්නතිය වෙනුවෙන් චීන සමූහාණ්ඩුව මැදිහත්ව කටයුතු කරනු ලබන බවත් එය ඉතා අගය කොට සළකන බවද අමාත්‍යවරයා කියා සිටියේය.