HomeNewsSri Lankan News

ජනපති අනුර නැති ටිකේ වැඩ බලන්න ඇමතිවරු 5ක් පත් කෙරේ

ජනපති අනුර නැති ටිකේ වැඩ බලන්න ඇමතිවරු 5ක් පත් කෙරේ

චීන ජනාධිපති (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍ය

නව රජය යටතේ ලැබෙන මුල්ම ආයෝජනය චීනයෙන්
ජනපති අනුර චීනය බලා යන්න සුදානම්
ජනාධිපති අනුර මාඕ සේතුංට ගෞරව පුෂ්පෝපහාර දක්වයි

චීන ජනාධිපති (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

එසේ පත් කරනු ලැබූ වැඩබලන අමාත්‍යවරු පහත පරිදි වේ.

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා
ආරක්ෂක වැඩබලන අමාත්‍යආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා
මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යකම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවිදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා
ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍යප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා
Share this:
error: Content is protected !!
×