යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යෑම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (11) මාධ්‍ය හම
යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යෑම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (11) මාධ්‍ය හමුවක් පැවැත්විණි. මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය මෙහීදී ප්‍රකාශ කළාය.
උණ සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන් එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබාගනිමින් පරීක්ෂණ පවත්වන බවත් ඇය පැවසුවාය. එමෙන්ම මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
ඇය පැවසුවේ වී ගොවිතැන ආශ්‍රිතව මඩ සහ ජලය ආශ්‍රිතව වගා කටයුතුවල නිරතව සිටින ගොවීන්, ගංවතුරට මුහුණ දී සිටින පිරිස්, කුඹුරු හා ජලය ආශ්‍රිතව වෙනත් රාජකාරි කටයුතුවල නිතරව සිටින්නන්, පතල් ආශ්‍රිතව සහ ජලය ආශ්‍රිත රැකියා කරන්නන් මී උණ රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමට ලක්වන බවය.
තද උණ, තදබල මස්පිඬු වේදනාව හා ඇස් රතුවීම, මී උණ රෝගයේ රෝග ලක්ෂණ වන අතර ඒ සමග වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණද ඇති විය හැකි බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වා ගත හැකි බවත් එසේ නොවුනහොත් වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ශරීරයේ අවයව සඳහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකි බවත් ඇය පැවසුවාය.