'Lord of the Rings' චිත්‍රපට ත්‍රිත්වයට වසර 183කට පෙර Middle-earth හි කතාවක් රැගත් නව ඇනිමේෂන් චිත්‍රපටයක් නිර්මාණය කෙරේ. 'Lord of the Rings: War of
‘Lord of the Rings’ චිත්‍රපට ත්‍රිත්වයට වසර 183කට පෙර Middle-earth හි කතාවක් රැගත් නව ඇනිමේෂන් චිත්‍රපටයක් නිර්මාණය කෙරේ. ‘Lord of the Rings: War of the Rohirrim’ නමින් නිකුත් වන මෙම චිත්‍රපටය රොහාන් රාජධානියේ ඉතිහාසය විමසා බලයි.
කෙන්ජි කමියාමා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට ෆිලිපා බොයෙන්ස්, සර් පීටර් ජැක්සන් සහ ෆ්‍රෑන් වෝල්ෂ් සම්බන්ධ වේ. මිරන්ඩා ඔටෝ ඉයෝවින්ගේ චරිතය නැවත රඟපාන අතර, බ්‍රයන් කොක්ස් හෙල්ම් හැමර්හෑන්ඩ් ලෙස රංගනයෙන් දායක වේ.
නව ඇනිමේෂන් දර්ශන කෝණයක් හඳුන්වාදෙන මෙම චිත්‍රපටය Lord of the Rings හි ආදරණීය මූලිකාංග රැකගනිමින්, නව නිර්මාණාත්මක ප්‍රවේශයන් සමඟ එක්ව තිබේ. මෙම ආකෘතිය Middle-earth නැවත නිර්මාණාත්මකව ගවේෂණය කිරීමට නව මාවතක් විවර කළ බව පීටර් ජැක්සන් පවසයි.
Lord of the Rings: War of the Rohirrim ඇනිෂන් මේ චිත්‍රපටය නවසීලන්තයේ දෙසැම්බර් 12 වැනිදා සිට තිරගත වීමට නියමිතව ඇත.