HomeNews

Elton John අන්ද බව කියයි

Elton John අන්ද බව කියයි

ප්‍රකට ගායක එල්ටන් ජෝන් තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි පවසයි. ඔහු සඳහන් කරන්නේ, ‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති

“කැස්සේ හඬින්” ශ්වසන රෝග සහ කෝවිඩ් හඳුනන ලොව පළමු App එක ශ්‍රී ලාංකිකයකු නිපදවයි.
Spellbinder එකේ Christine ලංකාවට ඇවිත්
මෙරෝන් සහ දිනෙත් රනින් දිලෙයි

ප්‍රකට ගායක එල්ටන් ජෝන් තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි පවසයි. ඔහු සඳහන් කරන්නේ, ‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති බවයි.

පසුගියදා ලන්ඩනයේ පැවති එල්ටන් ජෝන්ගේ නව සංගීත නිර්මාණයක් වන ද ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා සංගීත සංදර්ශනයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු, සිය සහකරු වන ඩේවිඩ් ෆර්නිෂ්ට ද ස්තූතිවන්ත වී තිබුණි. ඔහුගේ ඇස් පෙනීමේ ගැටළු හේතුවෙන් ඔහුට සංදර්ශනය නැරඹීමට නොහැකි වූ බව ඔහු එහිදී කියා සිටියේය.

එමෙන්ම පෙනීම දුර්වල වුවද, තමන් ඇසීමට ප්‍රිය කරන බවයි එල්ටන් ජෝන් එහිදී සඳහන් කර ඇත.

77 හැවිරිදි ඔහු, සිය පෙනීමේ ගැටලුව පිළිබඳව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ සඳහන් කළේ සැප්තැම්බර් මාසයේදී ය.

ඒ ඔහු, “අවාසනාවකට මම, එක් ඇසක සීමිත පෙනීමක් පමණක් ඉතිරි කර ඇති දරුණු අක්ෂි ආසාදනයක් සමඟ කටයුතු කරමින් සිටියි” යන්නෙන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමිනි.

“මම සුවය ලබමින් සිටිමි, නමුත් එය අතිශයින්ම මන්දගාමී ක්‍රියාවලියක් වන අතර බලපෑමට ලක් වූ ඇසට පෙනීම නැවත පැමිණීමට යම් කාලයක් ගතවනු ඇත,” ඔහු සමාජ මාධ්‍යවල බෙදාගත් ප්‍රකාශයක ලිවීය. “පසුගිය සති කිහිපය තුළ මා ගැන හොඳ සැලකිල්ලක් දැක්වූ විශිෂ්ට වෛද්‍යවරුන් සහ හෙදියන් සහ මගේ පවුලේ සාමාජිකයින්ට මම කෘතඥ වෙනවා.” යනුවෙන් ද ඔහු සදහන් කර තිබුණි.

මේ තත්ත්වය මත ඔහුගේ මීළඟ ගීත ඇල්බමය ප්‍රමාද කරන බව ද පවසා තිබේ.

Share this:
error: Content is protected !!
×