HomeGeek Ideas

“කැස්සේ හඬින්” ශ්වසන රෝග සහ කෝවිඩ් හඳුනන ලොව පළමු App එක ශ්‍රී ලාංකිකයකු නිපදවයි.

කොවිඩ් වෛරසය හා සම්බන්ධ නව සොයාගැනීමක් සිදු කිරීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය උදන්ත අබේරත්න මහතා සමත්ව තිබෙනවා.

“කැස්සේ හඬින්” ශ්වසන රෝග සහ කෝවිඩ් හඳුනන ලොව පළමු App එක ශ්‍රී ලාංකිකයකු නිපදවයි.

කොවිඩ් වෛරසය හා සම්බන්ධ නව සොයාගැනීමක් සිදු කිරීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය උදන්ත අබේරත්න මහතා සමත්ව තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලිය

නව COVID-19 උප ප්‍රභේදයක් පළමු වරට නවසීලන්තයේත් වාර්තාවෙයි.
ගෙවී ගිය සතියේ නව Covid19 රෝගීන් 14,371ක්, තවත් මරණ 36ක්
නවසීලන්තයේ Covid-19 යාවත්කාලීන කිරීම නව රෝගීන් 3764 ක්, මරණ 24 ක්

කොවිඩ් වෛරසය හා සම්බන්ධ නව සොයාගැනීමක් සිදු කිරීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය උදන්ත අබේරත්න මහතා සමත්ව තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ University of Queensland හි විශේෂඥ පර්යේශකයෙකු ලෙස සේවය කරනවා.

ඔහුගේ මෙම නවතම සොයාගැනීම වන්නේ, යම් පුද්ගලයකුගේ “කැස්සේ ශබ්දය” මත පදනම්ව COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගත හැකි Smart ජංගම දුරකථන App එකක් සොයාගැනීම වේ. මොහුගේ මෙම නව සොයාගැනීම ලොව ප්‍රමුඛ පෙලේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු සිදු කරන සමාගම් වල පවා අවධානය දිනාගැනීමට හේතු වී තිබේ. කෙසේ නමුත් මෙම පර්යේෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබූ පිරිසක් ඒ අතර සිටීම හේතුවෙන්, අවසානයේ මෙම පර්යේෂණ කටයුතු සඳහා ලොව ප්‍රධාන පෙලේ කණ්ඩායම් පවා සහාය ලබාදුන් බවත් ඔහු පැවසීය.

එමෙන්ම මුහුණ දුන් තවත් අභියෝගයක් වශයෙන් මහාචාර්ය උදන්ත වැඩිදුරටත් පවසා සිටියේ, මෙම පර්යේෂණ ඔස්සේ සොයාගත් මෙම නව App එකෙහි මුලික පියවරෙන් අනතුරුව එය විවෘත  ලෝකයට සහ වෛද්‍ය කටයුතු සඳහා ඉදිරියට ගෙන යාමේ කටයුතු සම්බන්ධයෙන් දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බවයි. තවද මෙවැනි පර්යේෂණ කටයුතු සිදු කිරීමේදී විවිධ සෞඛ්‍ය, තාක්ෂණික මෙන්ම ගණිත යන ක්ෂේස්ත්‍ර වල පිරිස සමග සාකච්චා කිරීමට සිදු වූ බවත් එවැනි අවස්ථා වලදී එම ක්ෂේස්ත්‍ර සම්බන්ධයෙන් වන දැනුම යම් ආකාරයක අභියෝගයක් වූ බවත් මහාචාර්ය උදන්ත පෙන්වා දෙයි.

තවද උදන්ත මහතා පවසන පරිදී ලංකාවේ මෙන්ම ඇතැම් ගෝලීය මාධ්‍ය ආයතන පවා මෙම App එක පිළිබඳව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධව තමන් දැඩි කනස්සල්ලටත් අපහසුතාවයටත් පත් වූ බව කියා සිටියි. කෙසේ නමුත් වෛද්‍ය, ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රය තුළ පර්යේෂණ කටයුතු ඉදිරියට රැගෙන යාමට තමාට තමන් බලාපොරොත්තු වන බවත්, තාක්ෂණය උපයෝගී කරගනිමින් “අක්ෂි රෝග” සොයා ගැනීම සම්බන්ධයෙන්, සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේත් පර්යේෂණ සඳහාත් ඔහුගේ අවධානය යොමුව ඇති බව සඳහන් කළේය.

මහාචාර්ය උදන්ත වැඩිදුරටත් පවසා සිටින්නේ, ලෝකයට විනාශයක් සිදු නොකොට ලෝකයට යහපතක් සිදු කිරීමට හැකිවීම සමබන්ධයෙන් තමා ඉතා සතුටටත් ආඩම්බරයටත් පත් වන බවයි.

Share this:
error: Content is protected !!