HomeNewsSri Lankan News

ජනතාවගේ සුව දුක් විමසන්න ආරක්ෂක ලේකම් යාපනයට යයි

ජනතාවගේ සුව දුක් විමසන්න ආරක්ෂක ලේකම් යාපනයට යයි

යාපනය අර්ධද්වීපයේ පවතින ආපදා තත්ත්වය සහ සහන මෙහෙයුම් සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා එම ප්

බර බස් රථ නවසීලන්තයේ මාර්ග හානිය වැඩි කරයි, නිලධාරීහු අනතුරු අඟවති
ශ්‍රී ලංකාවේ ‘1990 සුවසැරිය’ ගිලන්රථ සේවාව ලෝක බැංකුවේ ප්‍රශංසාව
නවසීලන්ත GST රහිත ආහාර පිළිබඳ නවතම ප්‍රතිපත්තිය භයානක අදහසක් බව ආර්ථික විශේෂඥයින් පවසයි.

යාපනය අර්ධද්වීපයේ පවතින ආපදා තත්ත්වය සහ සහන මෙහෙයුම් සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදු කෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පෙරේදා (28) දින එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් (විශ්‍රාමික) සහ යාපනයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එක්වූ මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී ආරක්‍ෂක ලේකම්වරයා ආපදා සහන මෙහෙයුම්වල නිරත රාජ්‍ය නිලධාරීන් හමුවී ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව සිදු කෙරෙන සහන සැලසීමේ මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීය.

යාපනය අර්ධද්වීපයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා, ආපදාවට ලක්වූ ජනතාව රඳවා සිටින කට්කුලම් විද්‍යාලය සහ පේදුරුතුඩුව මධ්‍ය විද්‍යාලය වෙත නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය. එම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සුභසාධන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත වියළි සලාක ඇසුරුම් බෙදාදීම ද සිදු කෙරිණ. ඉන්පසු යාපනය අර්ධද්වීපයේ ගංවතුරෙන් යටවී ඇති ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව, නල්ලූර් ප්‍රදේශයේ වත්මන් තත්ත්වය සහ එහි ක්‍රියාත්මක වන සහන කටයුතු පිළිබඳව සොයා බැලූ ආරක්‍ෂක ලේකම්වරයා, විපතට පත් ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ආර්. නාගලිංගම් වේතනායහන් මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් සමඟ වත්මන් ආපදා සහන මෙහෙයුම් සහ අවතැන්වූ ප්‍රජාවන්ගේ සහ ඔවුන්ගේ දේපොළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරන ලදි. පසුගිය දින කිහිපය තුළ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ජනතාව වඩාත් පීඩාවට පත්ව ඇති අතර, ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් අවතැන්වී ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට සුරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකොට ඇත.

Share this:
error: Content is protected !!
×