HomeNewsSri Lankan News

තානාපතිවරු කිහිපදෙනෙක් අගමැති හරිණි හමුවෙයි

තානාපතිවරු කිහිපදෙනෙක් අගමැති හරිණි හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් විය. මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳ

ආචාර්ය හරිණි මනාප වාර්තාවක් තබා මහින්ද පරදවයි
“ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ පියවර” – අගමැති හරිනි කියයි
“විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය ගැන අවධානයට”- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් විය. මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

ඊජිප්තුවේ තානාපති, Adel Ibrahim, ඉරානයේ තානාපති, ආචාර්ය Alireza Delkhosh, ජපානයේ තානාපති, ISOMATA Akio, සහ වතිකානුවේ තානාපති (Apostolic Nuncio) වන අතිඋතුම් රදගුරු Monsignor Brian Udaigwe, යන විදෙස් තානාපතිවරුන් මෙලස අගමැතිවරිය හමුවී සාකච්ඡා කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share this:
error: Content is protected !!
×