HomeNewsSri Lankan News

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

නවසීලන්ත වාණිජ කොමිසමෙන් සුපිරි වෙළඳසැල්වලට එරෙහිව තීරණාත්මක පියවර
2023 රග්බි ලෝක කුසලානය කාටද?
නවසීලන්ත $1 කාසියේ අගය කෙතරම් පහළ ගොස්ද?

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (26) නොතීසි නිකුත් කළේය.

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු වශයෙන් නම්කර සිටියි.

හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී නිලධාරීන්ට බලපෑම් කර ඥාති සංග්‍රහ කරමින් රජයට පාඩුවක් සිදු කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

Share this:
error: Content is protected !!
×