HomeNewsSri Lankan News

Flash Packට අනුව 2025 වසරේ දී Solo Traveling සඳහා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව පත්වේ

Flash Packට අනුව 2025 වසරේ දී Solo Traveling සඳහා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව පත්වේFlash Pack

2025 වසරේ දී Solo Traveling සඳහා හොඳම රටවල් අතර පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත.Flash Pack හි නවතම වාර්තාව හෙළිකරන්නේ, ශ්‍රී ලංකාව 2024 දී සිව්වැන

නවසීලන්ත White Ferns කණ්ඩායම Women’s T20 World Cup අවසන් පූර්ව වටයට…
Euro Formula ලොවේ ලාංකීය නම රැන්දූ යෙවාන්
මූල්‍ය අපචාර සහ රජයේ මැදිහත්වීම් චෝදනා මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC විසින් අත්හිටුවයි

2025 වසරේ දී Solo Traveling සඳහා හොඳම රටවල් අතර පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත.

Flash Pack හි නවතම වාර්තාව හෙළිකරන්නේ, ශ්‍රී ලංකාව 2024 දී සිව්වැනි ස්ථානයේ සිට ඉදිරියට යමින්, 2025 දී Solo Travel කරන සංචාරකයන් සඳහා ඉහළම ස්ථානයට පැමිණ ඇති බවයි.

Flash Pack යනු එක්සත් රාජධානිය පදනම් කරගත් ලොව ප්‍රමුඛතම සංචාරක සමාගමක් වන අතර, එය හෙදෙකළා සංචාරකයන් සඳහා ත්‍රාසජනක චාරිකා සංවිධාන කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ “ටුක් ටුක් වලින් ඝෝෂා කරන සුවඳ දුම් වැගිරෙන නගර, තේ වතුවලින් වැසී ගිය මීදුම සහිත උස්බිම් සහ සුන්දර වෙරළ තීරයන්” පිළිබඳව Flash Pack නවතම වාර්තාවේ ප්‍රශංසනීයව දක්වා ඇත. 2025 සඳහා වඩාත්ම ජනප්‍රිය ගමනාන්ත දහයෙන් පහක්ම නියෝජනය කරමින් ආසියාව හුදෙකළා සංචාරක භූ දර්ශනයේ ආධිපත්‍යය දරයි.

ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට පසුව බාලි සහ මෙක්සිකෝව, නවීන සංචාරකයින් සොයන සංස්කෘතික අත්දැකීම්වල විවිධ මිශ්‍රණයක් ඉස්මතු කරයි.

Flash Pack හි 2025 සඳහා වෙන්කර ඇති හොඳම ජනප්‍රියම සංචාරක ගමනාන්ත 10 වන්නේ;

1. ශ්‍රී ලංකාව
2. ජපානය
3. ෆින්ලන්තය
4. බෝර්නියෝ
5. තායිලන්තය
6. පිලිපීනය
7. කොස්ටාරිකාව
7. නවසීලන්තය
9. ජෝර්ජියාව
10. ගෝතමාලාව

2024 දී Flash Pack හි ඉහළම ජනප්‍රියම සංචාර ගමනාන්ත 10 වූයේ;

1. ශ්‍රී ලංකාව
2. බාලි
3. මෙක්සිකෝව
4. ජපානය
5. පිලිපීනය
6. ආර්ජන්ටිනාව
7. කොලොම්බියාව
8. වියට්නාමය
9. කාම්බෝජය සහ වියට්නාමය
10. දකුණු අප්‍රිකාව

Share this:
error: Content is protected !!
×