HomeNews

එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ලෙස Donald Trump පත්වේ

එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ලෙස Donald Trump පත්වේ

එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ලෙස හිටපු ජනාධිපති Republican පක්ෂ අපේක්ෂක Donald Trump පත්වී ඇත. Florida සිට සිය පාක්ෂිකයන් අමතමින් Donald Trump පැවසුවේ

FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්
එක්සත් ජනපද ජනාධිපති, කමලා ද? ඩොනල්ඩ් ද?
කවුද? මේ Donald Trumpගේ Susie Wiles

එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ලෙස හිටපු ජනාධිපති Republican පක්ෂ අපේක්ෂක Donald Trump පත්වී ඇත. Florida සිට සිය පාක්ෂිකයන් අමතමින් Donald Trump පැවසුවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බවයි.

“ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී ඇත,” ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් Florida හී රැස්ව සිටි පිරිසට පැවසීය.

ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අපේක්ෂකයකු අමෙරිකාවේ මැතිවරණ කොට්ඨාස 538 න් 270 ක බහුතර බලය හිමිකර ගත යුතුය. Donald Trump ඉන් 291ක ජය ලබාගත් අතර Democratic පක්ෂ අපේක්ෂිකා Kamala Harris හිමිකර ගෙන ඇත්තේ ආසන 223 ක් පමණකි.

ඒ අනුව Republican ජනපති අපේක්ෂක Donald Trump Democratic අපේක්ෂිකා උප ජනාධිපති Kamala Harris පරාජය කළ බව Fox News පුරෝකථනය කිරීමත් සමඟ ලොව පුරා විව්ධ පුද්ගලයින්ගෙන් ප්‍රතිචාර ගලා ඒමට පටන් ගෙන තිබේ.

Share this:
error: Content is protected !!
×