HomeNew Zealand

නවසීලන්ත හා ශ්‍රී ලංකා Passport වලට හිමිවූ අලුත්ම තැන් මෙන්න

නවසීලන්ත හා ශ්‍රී ලංකා Passport වලට හිමිවූ අලුත්ම තැන් මෙන්න

Henley Passport Index හි නවතම සංස්කරණයට අනුව, නවසීලන්ත ගමන් බලපත්‍රය ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍ර අතර සිව්වන ස්ථානය හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවට මෙම ශ්‍රේ

ලබන වසර වන විට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් සඳහා විදේශ ගමන් බලපත්‍ර ඉවත් කිරීමට යෝජනාවක්.
Updates : ඕක්ලන්ඩ් හදිසි තත්ත්වය තවමත්
රජුගේ උපන්දින ගෞරව ලැයිස්තුවේ නවසීලන්තය සහ ප්‍රජා දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළුව ආසියානු පුද්ගලයින් කිහිපදෙනකුට සම්මාන…

Henley Passport Index හි නවතම සංස්කරණයට අනුව, නවසීලන්ත ගමන් බලපත්‍රය ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍ර අතර සිව්වන ස්ථානය හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවට මෙම ශ්‍රේණිගත කිරීමේ 95 වෙනි ස්ථානය හිමිව තිබු අතර ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයකට වීසා රහිත ප්‍රවේශය හිමි ගමනාන්ත සංඛ්‍යාව 44 ක්. මෙම දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේ අවසානයේ ප්‍රකාශයට පත් කරන ලදී.

ප්‍රධාන කරුණු:

නවසීලන්ත ගමන් බලපත්‍රය: ශ්‍රේණිගත කිරීම: 4 වන ස්ථානය – වීසා රහිතව පිවිසිය හැකි රටවල් සංඛ්‍යාව: 190

ඉහළම ස්ථාන හිමිකරගත් රටවල් අතරින්
1 වන ස්ථානය: සිංගප්පූරුව (වීසා රහිත ප්‍රවේශය රටවල් 195)
2 වන ස්ථානයට ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය,ජපානය හා ස්පාඤ්ඤය (වීසා රහිත ප්‍රවේශය රටවල් 192)

ඔස්ට්‍රේලියාවට එම ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානය හිමිව ඇති අතර වීසා රහිත ප්‍රවේශ හිමි ගමනාන්ත 189ක් ඔස්ට්‍රේලියානු ගමන්බලපත්‍රයට හිමිව තිබෙනවා.

වැදගත් කරුණු:

මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබන්නේ පූර්ව වීසා අවශ්‍යතා නොමැතිව ප්‍රවේශ විය හැකි රටවල් සංඛ්‍යාව පදනම් කරගෙනය
ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානයේ (105) සිටින්නේ ඇෆ්ගනිස්තානය (වීසා රහිත ප්‍රවේශය රටවල් 26)

නවසීලන්ත ගමන් බලපත්‍රය ලබා ඇති මෙම ඉහළ ස්ථානය රටේ ජාත්‍යන්තර පිළිගැනීම සහ දේශපාලන ස්ථාවරත්වය පිළිබිඹු කරන අතර, එය රටේ පුරවැසියන්ට ලෝකය පුරා නිදහසේ සංචාරය කිරීමේ වැඩි අවස්ථා ලබා දෙයි.

More info: https://www.henleyglobal.com/passport-index/ranking

Share this:
error: Content is protected !!
×