HomeNews

පුස් සහිත ආහාර: කපා ඉවත් කර පරිභෝජනය කොතරම් ආරක්ෂිතද?

පුස් සහිත ආහාර: කපා ඉවත් කර පරිභෝජනය කොතරම් ආරක්ෂිතද?

ආහාරවල පුස් ගැසීම සුලභ තත්ත්වයක් වුවද, ඒවා ආරක්ෂිතව ඉවත් කළ හැකිද යන්න ආහාරයේ ස්වභාවය මත රඳා පවතින බව විශේෂඥයෝ පවසති.දැඩි චීස් වර්ග, පලතුරු සහ එළ

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිළිකාවට ඖෂධයක්.
නව යෝවුන් වියේ Screen භාවිතය සහ නින්ද: අලුත් සොයාගැනීම්
ADHD රෝගීන්ට Dementia රෝගය වැලදීමේ ඉහළ අවධානමක්…

ආහාරවල පුස් ගැසීම සුලභ තත්ත්වයක් වුවද, ඒවා ආරක්ෂිතව ඉවත් කළ හැකිද යන්න ආහාරයේ ස්වභාවය මත රඳා පවතින බව විශේෂඥයෝ පවසති.

දැඩි චීස් වර්ග, පලතුරු සහ එළවළු වැනි ඝන ස්වභාවයේ ආහාරවල පුස් සෙන්ටිමීටර 1-1.5ක් පමණ කපා ඉවත් කිරීම සුදුසු විය හැක. කෙසේ වෙතත්, පාන්, සෝස්, හෝ තක්කාලි පේස්ට් වැනි මෘදු, තෙත ස්වභාවයේ ආහාරවල පුස් සහ එහි විෂ දෘශ්‍යමාන නොවන ලෙස පැතිර යා හැකි බැවින් ඒවා පරිභෝජනයට නුසුදුසුය.

බ්ලූ චීස් වැනි සමහර ආහාරවල හිතකර පුස් සිතාමතා යොදන නමුත්, අහම්බෙන් ආහාරවල හටගන්නා පුස් බොහෝවිට කල්පැන යාමේ සලකුණකි. තෙත, උණුසුම්, හෝ අම්ල සහිත පරිසරයක පුස් වේගයෙන් වර්ධනය වන අතර, සමහර පුස් වර්ග මගින් කල් යතම් අනතුරුදායක විය හැකි මයිකොටොක්සින් නම් විෂ ද්‍රව්‍ය නිපදවයි.

විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය අඩු හෝ ගර්භණී පුද්ගලයින් වැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු අතර, සැක සහිත අවස්ථාවලදී පුස් සහිත ආහාර සම්පූර්ණයෙන්ම බැහැර කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

වැඩි විස්තර
https://www.rnz.co.nz/news/national/532189/is-it-ever-ok-to-cut-the-mould-off-food-and-eat-the-rest

Share this:
error: Content is protected !!
×