HomeNewsSri Lankan News

Euro Formula ලොවේ ලාංකීය නම රැන්දූ යෙවාන්

Euro Formula ලොවේ ලාංකීය නම රැන්දූ යෙවාන්

ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර Yevan David සමත්වේ. ශ්‍රී ලංකාවේ ම

ලංකාවේ පියුමි අඟහරු යන්න ලෑස්තී
ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි.
ශ්‍රී ලාංකීය 97 වියැති කාන්තාවක් ශාස්ත්‍රපති උපාධිය ලබා ගනී…

ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර Yevan David සමත්වේ. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවකයෙක් ප්‍රධාන පෙ‍ළේ F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

Euro Formula විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වන අදියර ලෙස ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගිය සෙනසුරාදා (19) පැවති මෙම තරගයට Yevan සහභාගී වි තිබුණි. මොන්සා ධාවන පථයේ වට 16ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල Yevan David යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8වන අදියර ජයගත්තේය. Yevan එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායමයි.

17 හැවිරිදි වියේ පසු වන යෙවාන් සිය මංගල මෝටර් රථ ධාවන තරගයේදී පලපුරුදු ධාවකයින් සමග ධාවන පථයට පිවිස, ආරම්භයේ සිට දැක්වූ දක්ෂතා විස්තර විචාරකයින්ගේ ඇගයීමට පවා ලක්ව තිබුණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණක් ලෙස සැලකේ.

Share this:
error: Content is protected !!
×