HomeNews

2023 ලෝක කුසලානයට පෙරගමන් යන ශ්‍රී ලංකා ක්‍රිකට්.

2023 ලෝක කුසලානයට පෙරගමන් යන ශ්‍රී ලංකා ක්‍රිකට්.

2023 ලෝක කුසලානයට පෙරගමන් යන ශ්‍රී ලංකා ක්‍රිකට්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.ඒ සිම්බාබ්වේහි පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබ

20 – 20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
චමරීගේ ඓතිහාසික ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් ඉල්ලා අස්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඒ සිම්බාබ්වේහි පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය ජයග්‍රහණය කිරීමත් සමගිනි.

ඒ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ දෙවන අවස්ථාව නෙදර්ලන්තයට හිමි විය.

මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 10 ම ජයග්‍රහණය කිරීමට සමත් වීමයි.

ඒ අනුව කණ්ඩායමක් පිට පිට තරග දහයක් ජයග්‍රහණය කළ තෙවන අවස්ථාව වාර්තාකිරීමට දසුන් ශානිකගෙ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කෙසේ නමුත් තරගාවලිය තුළ ක්‍රීඩකයින්ගේ දක්ෂතා මෙන්ම,

කණ්ඩායමක් ලෙස පෙන්වූ දුර්වලතා පිළිබඳව ද ක්‍රිකට් විස්තර විචාරකයින් ගේ පැහැදිලි විවේචන එල්ල වී තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මුල් වරට ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ක්‍රීඩා කර ඇත්තේ 1979 වසරේ එංගලන්තයේදීය.

එහිදී  තරගාවලියේ ජයග්‍රහණය කිරීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන් වසර 44ට පසු වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියකට ක්‍රියා කරන්නට සිදුවිය.

එවකට ශ්‍රී ලංකා කණ්ඩායම, ‍ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික කණ්ඩායමක් ලෙස ක්‍රිකට් ලෝකයට ප්‍රවිශ්ඨ වීමේ නිවේදනය ලබාදුන් තරගාවලියක් ලෙස 1979 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම තරගාවලිය හැඳින්විය හැක.

මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ක්‍රීඩා කරනු ලැබූවේ පසුගිය වසර කිහිපය තුළ පෙන්වූ දුර්වල ක්‍රීඩා රටාව නිසාවෙනි.

කෙසේ නමුත් මෙම තරඟාවලිය තුළදී කැපී පෙනෙන දස්කම් දක්වන්නට ‍ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු සමත් විය.

එහිදී පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග, දිල්ෂාන් මධුසංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, දුශාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයින් කැපී පෙණුනා.

කෙසේ නමුත් මෙම තරගාවලිය පුරාවටම නායකයෙකු ලෙස වගකීම් ඉෂ්ට කරත්,

දසුන් ශානක හට තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකිවීම ක්‍රීඩා විචාරකයන්ගේ අවධානයට ලක් වුණා.

එපමණක් නොව මෙම තරගාවලිය තුළ වේගපන්දු බල ඇණියට මහඟු උපකාරයක් වූ දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර තරඟාවලිය ආරම්භක තරඟවලදීම ආබාධ වලට ලක්වී, තරඟාවලියෙන් ම ඉවත් වීමට සිදු වීම තුළින් ලෝක කුසලාන තරගාවලිය වනතෙක් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයන් මතු කිරීමට හේතු වන්නක්.
කෙසේ නමුත් හිටපු ක්‍රිකට් නායක Sanath Jayasuriya මහතා පවසන්නේ,

එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා වන ‍ශ්‍රී ලංකා කණ්ඩායමට තරුණ දක්ෂ ක්‍රීඩකයින් කීපදෙනෙකුගේ ආගමනය අතිශය වැදගත් බවයි.

කෙසේ නමුත් හිටපු ‍ක්‍රිකට් ක්‍රීඩක Russell Arnold මහතා පවසන්නේ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ද ලෝක කුසලානයට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ සංවර්ධනය වියයුතු අංශ රැසක් පවතින බවයි. එමෙන්ම පන්දු රැකීම සහ පිතිකරණය පිළිබඳව තව තවත් අවධානය යොමු කළ යුතු බවත් ලෝක කුසලාන තරගයකදී තමන් විශිෂ්ටයන් බව පෙන්වා දීමට නම් මීට වඩා දක්ෂ ලෙස ක්‍රීඩා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ නමුත් Wisden සඟරාව පවසන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළ ද ශ්‍රී ලංකාවේ පිතිකරණ අංශය තාමත් අස්ථාවර බවයි.

අයර්ලන්තය ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය සමඟ ක්‍රීඩා කළ තරඟවලදී මැදපෙල පිතිකරුවන් වගකීම් විරහිතව ක්‍රීඩා කිරීම කණ්ඩායමක් ලෙස යම් පසුබෑමකට ලක්වීමට සිදුවන කාරණයකි.

ලෝක කුසලානයට යන විට ඊට වඩා වගකීම් සහිතව තරග කළොත් පමණක් ප්‍රධාන කණ්ඩායම් පරාජය කළ හැකි බව Wisden පෙන්වා දෙයි.

එපමණක් නොව Wisden සඟරාව පෙන්වා දෙන්නේ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න සුසංයෝගය ආරම්භක පිතිකරු පුරප්පාඩුව මනාව විසඳා ඇති බවයි.

තවද දිල්ශාන් මධුෂංක එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට ‍ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කලයුතුම ක්‍රීඩකයෙක් බව පෙන්වා දී ඇත.
කෙසේ නමුත් ඉතා දුෂ්කර ව්‍යායාමයකින් පසු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකික සලකුණ සනිටුහන් කිරීමට ජයග්‍රාහී මාවතකට ශ්‍රී ලංකා කණ්ඩායම් පිවිසීම පිළිබඳව Wisden සගරාව ප්‍රශංසනාත්මක සුභ පැතුම් එක් කොට තිබෙනවා.
එබැවින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වන අපගේ ද බලාපොරොත්තුව වන්නේ ඉදිරි ලෝක කුසලානය සඳහා ජයග්‍රාහී පන්නරය ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙන යනු ඇති බවයි

Share this:
error: Content is protected !!