HomeGeneral

ශ්‍රී ලංකා ජනපතිගේ නිදහස් දින පණිවිඩය

ශ්‍රී ලංකා ජනපතිගේ නිදහස් දින පණිවිඩය

නිදහස් දින පණිවිඩය

පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුගෙන් ලෝක වාර්තාවක්…
මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් අධීක්ෂණය සඳහා ස්වාධීන පාර්ලිමේන්තු ආයතනයක්
නවසීලන්තයේ ඔබේ දරුවාගේ නම වෙනස් කිරීම ගන ඔබ දැන සිටියාද?

නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබිණි. නමුත් 76 වැනි නිදහස් දිනය වෙද්දී ඒ තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකි විණි. ඒ අනේක දුෂ්කරතා මධ්‍යයේ ය.

දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලට සහය දීම නිසා අපට කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි විණි. මේ මගෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී යනු ඇත. ජීවන බර සැහැල්ලු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇත.

1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්‍ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි. ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු විය. නමුත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමටය.

අතීත වැරදි යළි සිදු නොකළ යුතුය. වත්මන් ගමන් මග නිවැරදි බව දැන් මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මගෙහි ම ඉදිරියට ගොස් යළිදු සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගනිමු.

රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

(2024 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 76 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් 2024 ජනවාරි මස 30 වන දින නිකුත් කරන ලදි.)

Share this:
error: Content is protected !!