HomeGeneral

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් අධීක්ෂණය සඳහා ස්වාධීන පාර්ලිමේන්තු ආයතනයක්

මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් අධීක්ෂණය සඳහා ස්වාධීන පාර්ලිමේන්තු ආයතනයක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් සම්පාදනය කිරීම සහ අධීක්ෂණය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පොලිසිය ජනතාවට දුන් උපදෙස්
ඉන්දියාව 8වෙනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගනී
මෙම වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ සීග්‍ර වර්ධනයක්, ලක්ෂ 4ද ඉක්මවායයි

ඒ අනුව මූලික කෙටුම්පතක් සකස් කර ඇති අතර එම මූලික කෙටුම්පත සම්බන්ධයෙන් කථානායකවරයාගේ සහ සියලු පක්ෂ නායකයින්ගේ අදහස් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව ලබාදුන් අදහස් සැලකිල්ලට ගෙන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් ලබාදී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම, විශ්වසනීයත්වය, විනිවිදභාවය සහ වෘත්තීයභාවය සහතික කිරීම ව්‍යවස්ථාදායකයේ සඵලතාවය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධක බව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව නිරීක්ෂණය කරයි. එබැවින් සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම බලතල, වරප්‍රසාද සහ යුතුකම් විශ්වාසවන්තව හා අවංකව ක්‍රියාත්මක කළ යුතුය. බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා නිරීක්ෂණ යාන්ත්‍රණයක් ඇත.

Share this:
error: Content is protected !!