HomeNewsSri Lankan News

වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව දික්විජය කළ ඒ අසහාය රංගධරයාණෙනි ඔබට සුබ ගමන්

වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව දික්විජය කළ ඒ අසහාය රංගධරයාණෙනි ඔබට සුබ ගමන්

පුරා වසර 60කට ආසන්න කාලයක් තම රංගන චාරිකාවේ නියැළි මේ අසහාය රංගධරයා කලාකීර්ති සුමින්ද සිරිසේන මහතා අද සිය දිවි සැරිය නිම කළේය. මිය යන විට ඒ මහතා 75 ව

ජ්‍යෙෂ්ට රංගන ශිල්පි ඩබ්ලියු ජයසිරි මහතාගේ අවසන් කටයුතු හෙට
ටාලියා පීරිස් Miss California Teen USA – 2023 රූ කිරුළ දිනා ගනී.
ප්‍රවීණ Hollywood නිළි Barbra Streisand, SAG Life Achievement Award සම්මානයට පත්‍ර වෙයි

පුරා වසර 60කට ආසන්න කාලයක් තම රංගන චාරිකාවේ නියැළි මේ අසහාය රංගධරයා කලාකීර්ති සුමින්ද සිරිසේන මහතා අද සිය දිවි සැරිය නිම කළේය. මිය යන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.

1948 ජූලි කෑගල්ල බොස්සැල්ල ගමේ සුමින්ද සිරිසේන උපත ලැබීය. ඔහුගේ මව නමින් පුංචි නෝනා මහත්මිය හා පියා බුලත්ගමුව මහතා ය. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූයේ සුමින්දය.

සුමින්ද මහතා ගමේ පාසලේ අධ්‍යාපන කටයුතු නිමාකොට ශිෂ්‍යත්වයක් ලැබ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන්නේ 1963 වර්ෂයේදීය.

මෙම විද්‍යාලයෙන් තම රංගන චාරිකාව ආරම්භ කළ සුමින්ද, රාජ්‍ය පාසල් නාට්‍ය උලෙළ කිහිපයකදීම විදුහල නියෝජනය කරමින් සම්මාන සහතික දිනා ගත්තේය.

තෝලංගමුව පාසලේ ඉගෙනුම ලබන කාලයේ ලීලාට සුමින්දට හඳුනාගන්න ලැබෙන්නේ 1968 වර්ෂයේදීය.

පාසල් දිවියෙන් සමුගත් සුමින්ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබ කොළඹට ගොස් වසර 13ක් තිස්සේ පැවැති ආදර සම්බන්ධයෙන් අනතුරුව‍ ලීලා විවාහ කරගත්තේය. සුමින්දටත් ලීලාටත් පිරිමි දරුවන් දෙදෙනෙකි.

වැඩිමහල් පුතු Prabath , පරිගණක ඉංජිනේරුවෙකි. ඔහු විවාහ වී නෙදර්ලන්තයේ පදිංචිව සිටී. Nanditha පවුලේ බාලයාය.

‘මනමේ’, ‘සිංහබාහු’, ‘මහාසාර’, ‘බවකඩතුරාව’, ‘කදා වළලු’ ඔහු රඟපෑ විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය වෙයි. සුමින්ද ටෙලිනාට්‍ය 40කට ආසන්න ප්‍රමාණයක රඟපෑවේය. 1985 වර්ෂයේ විකාශය වූ ‘සිහින නිම්නය’ ටෙලි වෘතාන්තය, ‘චරිත 3ක්’ ටෙලි නාට්‍යයේ ‘ඉසා’ ගේ චරිතය කැපී පෙනෙයි

‘දුහුළු මලක්’, ‘සප්ත කන්‍යා’, ‘උප්පලවන්නා’, ‘උඩුගංයාමය’, ‘පිටසක්වළ කුමාරයා’, ‘බෝම්බ සහ රෝස’, ‘ගාමණී’, ‘ඉරහඳයට’ ‘සමනල තටු’ චිත්‍රපටයේ ‘සොත්ති මාටින්’ ගේ චරිතය සුමින්දගේ රංග කෞෂල්‍යය මනාව පිළිඹිබු කළේය.

2012 වසරේ හදිසියේ ඔත්පළ වූ සුමින්ද කලා කටයුතු වලට සහභාගී වූයේ ඉතා අල්ප වශයෙනි.

වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව දික්විජය කළ සුමින්ද සිරිසේන නම් වූ ඒ අසහාය රංගධරයාණෙනි ඔබට සුබ ගමන්.

Share this:
error: Content is protected !!
×