දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගි වී ඒවායින් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් තෙනුර ලක්සෙ
දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගි වී ඒවායින් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා අද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියා. දකුණු කොරියාවේ පැවැති දාහතරවන ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරඟාවලියේදී කනිෂ්ඨ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතිය යටතේ තරග කළ තෙනුර එහි දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
මෙම තරඟාවලිය ඉකුත් 6 වන දින සිට දොළොස් වැනි දින දක්වා සෝල් නුවර දී පැවැත්වුණා.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී පසුගිය 26 සහ 27 යන දිනවල පැවැති කාය වර්ධන ජාත්‍යන්තර ෆෙඩරෙෂන් තරගාවලියේදී Thenura Laksen කයවර්දන කනිෂ්ඨ විවෘත අංශයෙන්, sports කනිෂ්ඨ විවෘත අංශයේ රිදී පදක්කම් දෙකක් සහ classic කනිෂ්ඨ විවෘත අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූ බවක් වාර්තා වෙනවා.
විසි හැවිරිදි Thenura මේ ජයග්‍රහණය ගෙන අද උදෑසන 9 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ලංකාවට පැමිණියා.