ඔබගේ ප්‍රධාන පරිගණකයේ සිට ස්මාර්ට් දොරගුල දක්වා නෙක ආකාර ගත් ස්මාර්ට් උපාංග අපගේ දෛනික ජීවිතය වටා පිරී ඉතිරෙමින් තිබේ. බොහෝ විට මෙම සමස්ථ උපාංග ජාලයම
ඔබගේ ප්‍රධාන පරිගණකයේ සිට ස්මාර්ට් දොරගුල දක්වා නෙක ආකාර ගත් ස්මාර්ට් උපාංග අපගේ දෛනික ජීවිතය වටා පිරී ඉතිරෙමින් තිබේ. බොහෝ විට මෙම සමස්ථ උපාංග ජාලයම එකි නෙක යාවන්නේ Wi-fi සබඳතාවයන් හරහා වීමද අද වන විට බහුල අත්දැකීමකි. එය මහත් පහසු සරල තේරීමක් වනවා සේම අනතුරු දායක බවටද පහසු දොරටුවක් වන බව හදාරන්නන්ගේ මතයයි. මෙහිදී භාවිතාකරන්නන්ගේ නොදැනුවත් කම හා නොසැලකිල්ල ඔවුන් වැඩි වැඩියෙන් පෙන්ව දෙන්නට කැමති වනු පෙනේ. මෙම ආකාරයේ භාවිතාවේදී router එක ප්‍රධාන කේද්‍රය වේ. එහි සංයුත්තව පැමිනෙන default අවසර පදය වෙනස් කර නොගැනීම සරලව වන ප්‍රධාන දුර්වලතාවයක් වේ. වඩාත් සංකීර්ණ සංයුතියකින් යුතුව මෙන්ම උපකල්පණයට අපහසු අවසර පදය, ස්ථාන වැඩි ආකාරයට තිබීම වඩාත් ආරක්ශිත වීම පිලිගැනීමයි.
ඔබගේ අවසර පද බෙදා හදා ගැනීම ඔස්සේ අනවසර පිවිසීම් වලට අවස්ථාවක් නිර්මාණ්ය කර දේ. යම් මොහොත්ක හිතවතෙකු අසල් වැසියෙකු සමග ඔබගේ අවසර පද බෙදාහදා ගැනීමක් කල හොත් පසුව ඒවා වේස්න් කර ගැනීමේ වගකීම අමතක නොකලම යුත්තකි. අදාල හිතවක්කම ආරක්ශා කරගන්නටද එය මහත් සේවයක් වනු ඇත. එසේම අද වන විට බොහෝ ආරක්ශක මෘදුකාංග සමග ඔබගේ WiFi ජාලය සමග වන උපාංග සංක්‍යාව මෙන්ම ඒවා ගැන තොරතුරු දැනගන්නට හැකි අතර මෙම පහසුවකම සංක්‍රිය කර ගෙන අවධානයෙන් සිටීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa
www.Pariganakaya.Com