HomeDigital Life

නවසීලන්ත අයවැයෙන් වීඩියෝ ක්‍රීඩා වලටත් ඉඩක්.

2023 නවසීලන්ත අය වැය මගින් වීඩියෝ ක්‍රීඩා සංවර්ධනය සඳහා 20% ක වට්ටමක් ලබා දෙන ලදී.

නවසීලන්ත අයවැයෙන් වීඩියෝ ක්‍රීඩා වලටත් ඉඩක්.

2023 නවසීලන්ත අය වැය මගින් වීඩියෝ ක්‍රීඩා සංවර්ධනය සඳහා 20% ක වට්ටමක් ලබා දෙන ලදී. ඒ සඳහා අයවැයෙන් ඩොලර් මිලියන 160 කර තනි චිත්‍රාගාර සඳහා වසරකට ඩොලර්

නවසීලන්ත 2023 අයවැය හි විශේෂ අවස්ථා
ශ්‍රී ලංකා අයවැය 2024…
කාලගුණික සහ ජීවන වියදම් අර්බුදය කෙරෙහි අවධානය යොමුකරන නවසීලන්ත අයවැය

2023 නවසීලන්ත අය වැය මගින් වීඩියෝ ක්‍රීඩා සංවර්ධනය සඳහා 20% ක වට්ටමක් ලබා දෙන ලදී. ඒ සඳහා අයවැයෙන් ඩොලර් මිලියන 160 කර තනි චිත්‍රාගාර සඳහා වසරකට ඩොලර් මිලියන 3ක් දක්වා වට්ටම් අරමුදල් පිරිනැමීමට සැලසුම් කර ඇත. තව ද ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කිහිපයකට දැනටමත් සහනාධාර හෝ වට්ටම් වැඩසටහන් ඇත. මේ සම්බන්ධව නවසීලන්ත ක්‍රීඩා සමාගම් ඒ සඳහා රජයට බලපෑම් කිරීමෙන් පසු මෙම සහන ලබාදීම ප්‍රධාන කරුණක් වූ බව අමාත්‍ය Ginny Andersen, Jack Tame සමඟ Q+A වැඩසටහනකදී පැවසීය.

වීඩියෝ ක්‍රීඩා කර්මාන්තය පසුගිය වසරේ ආර්ථිකයට ඩොලර් මිලියන 400 ක් පමණ උපයා දී ඇත. මීට අමතරව, එය තාක්ෂණික අංශයට සහ ඩිජිටල් කර්මාන්තවලට පිවිසීමට “අපගේ තරුණ තරුණියන්ට විශාල අවස්ථාවක්” ලබා දෙන බව ඇය වැඩිදුරටත් පැවසීය.

මෙම සහනාධාරය ලබා දෙන්නේ වීඩීයෝ ක්‍රීඩා නිෂ්පාදන කර්මාන්තය නව ස්ථානයකට ගෙන ඒමට බවත් නවසීලන්තය තුළ එම ව්‍යාපාරවලට අනාගතයක් ලබා දීම මෙම සහනාධාර වල අරමුණ බව අමාත්‍යවරිය පැවසීය. විශේෂයෙන් වීඩීයෝ ක්‍රීඩා සඳහා වන අනාගත ඉල්ලුම වැඩිවන බව, රජය දුටු බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය. වීඩීයෝ ක්‍රීඩා සංවර්ධකයින්ගේ සංගමයේ සභාපති Chelsea Rapp මෙම පියවර ධනාත්මක පියවරක් බවට පවසා ඇත.

Share this:
error: Content is protected !!
×