HomeNewsNew Zealand News

D/L න්‍යාය අනුව නවසීලන්තය පරදා පාකිස්තානය ජයගනී

D/L න්‍යාය අනුව නවසීලන්තය පරදා පාකිස්තානය ජයගනී

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (04) බැංගලූරූ හී එම් චින්නස්වාමි ක්‍රීඩාංගනයේ පැවැත්වුණි.එම තරග

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන චාරිකාව දර්ශනීය ආකාරයෙන් දියත් කෙරේ..
මූල්‍ය අපචාර සහ රජයේ මැදිහත්වීම් චෝදනා මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC විසින් අත්හිටුවයි
ශ්‍රී ලංකාව අවසන් තරඟයට හා ICC ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (04) බැංගලූරූ හී එම් චින්නස්වාමි ක්‍රීඩාංගනයේ පැවැත්වුණි.

එම තරගය D/L න්‍යාය අනුව ලකුණු 21කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 401ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 402කි.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීමත් සමග පාකිස්තානයට පන්දුවාර 25යි පන්දු 03ක් තුළ ලකුණු 180ක ඉලක්කයක් හිමිවිය.

එය ඉතා පහසුවෙන් ලබාගැනීමට පාකිස්තානය සම්ත්වූ අතර ඒ අනුව මෙය දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ද හේතුවක් විය. පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම පරාජය කළ යුතුව ඇත.

Share this:
error: Content is protected !!
×