HomeNewsSri Lankan News

සශ්මි දිසානායක විවාහක “මිහිතල රූ කිරුළ” හිමිකරගනී.

“ලෝක විවාහක මිහිතල රැජින” (Mrs Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ Sashmi Dissanayake සමත් වූවාය.

සශ්මි දිසානායක විවාහක “මිහිතල රූ කිරුළ” හිමිකරගනී.

පිලිපීනයේ මැනිලා නුවර පැවැති “ලෝක විවාහක මිහිතල රැජින” (Mrs Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ Sashmi Dissanayake

ශ්‍රී ලංකා එක්දින සහ T20 මූලික සංචිත ප්‍රකාශයට පත් කෙරේ …
මුහුණ භාවිතයෙන් ගෙවීම් කිරීමට නවසීලන්ත වැසියෝ සූදානම්ද?
2025 IPL වලට මහීෂ්ට සහ වනිඳුට හොඳ තක්සේරුවක් ඉන්දියාවෙන්

පිලිපීනයේ මැනිලා නුවර පැවැති “ලෝක විවාහක මිහිතල රැජින” (Mrs Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ Sashmi Dissanayake සමත් වූවාය.

ඇය මෙම කිරුළට අමතරව එහි පැවැති අනෙකුත් තරග සියල්ලේ කිරුළු තමන් සතු කරගැනීමට සමත්වීම  විශේෂත්වයකි.

එවැන්නක් සිදු කළ ශ්‍රී ලංකා පළමු රූ රැජින ලෙස ඇය වාර්තා පොතට  එක්වන්නීය.

මෙහිදී ඇය Mrs Earth best in catwalk, Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට සමත් වූවාය.

පිලිපීනයේ මැනිලා නුවර  Bay Area Paranaque නගරයේ පැවැති මෙම “Mrs.Earth international 2023” තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව, නයිජීරියාව ඇතුළු රටවල් රැසක් තරග වැදුණි.

කොළඹ Gateway ජාත්‍යාන්තර විදුහලේ අධ්‍යාපනය ලැබූ සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්‍යක්ෂ ලෙස චරිත් ගුණසේකර කටයුතු කළහ.

Share this:
error: Content is protected !!
×