HomeNewsNew Zealand News

Kiri Allanගේ ඇමතිකම කාටද? අගමැති Chris Hipkins හෙළි කරයි

කම්කරු පක්ෂ අමාත්‍ය මණ්ඩලයෙන් තවත් අමාත්‍යවරයෙක් ඉවතට.

Kiri Allanගේ ඇමතිකම කාටද? අගමැති Chris Hipkins හෙළි කරයි

Kiri Allanගේ අමාත්‍ය ධූරය බෙදීම අගමැති Chris Hipkins අද පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය.ඒ, ඊයේ රාත්‍රියේ බීමතින් රිය පැදවීමේදී සිදුවූ රිය අනතුරකින් අ

නවසීලන්තයේ බදු අය කිරීම සාධාරණ ද?
යුරෝපා සංගමය සමග නවසීලන්තය නිදහස් වෙළඳ ගිවිසුමකට පිවිසෙන ලකුණු.
නවසීලන්තය, යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරයි.

Kiri Allanගේ අමාත්‍ය ධූරය බෙදීම අගමැති Chris Hipkins අද පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය.

ඒ, ඊයේ රාත්‍රියේ බීමතින් රිය පැදවීමේදී සිදුවූ රිය අනතුරකින් අමාත්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවයි.

Ginny Andersen අධිකරණ අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා අතර Kieran McAnulty ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා වනු ඇත.

සහකාර සෞඛ්‍ය අමාත්‍ය Barbara Edmonds, David Parkerගේ ඉල්ලීම පරිදි ආදායම් අංශය භාර ගන්නා අතර “ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුව නිදහස් කරයි”,

යයි Hipkins නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර Barbara විශේෂඥ බදු නීතිවේදියෙකු වූ අතර රජයේ ආර්ථික කටයුතුවලින් වැඩි කොටසක් ලබා ගැනීමට ඇයට හැකි වනු ඇතැයි මට විශ්වාසයක් ඇත.

ඒ නිසා මම ඇයව සහකාර මුදල් ඇමතිවරියක් ද කරමි,” Hipkins පැවසීය.

එමෙන්ම ” Barbara Edmonds සෞඛ්‍ය භූමිකාව අත්හරිනු ඇත.” අගමැති Chris Hipkins වැඩිදුරටත් පවසා සිටියේය.

Share this:
error: Content is protected !!