HomeNews

2024 පැරිස් ඔලිම්පික් සඳහා AI නිරීක්ෂණ මෙවලම් යොදාගැනීමට ප්‍රංශ බලධාරීන් සැරසේ.

2024 පැරිස් ඔලිම්පික් සඳහා AI නිරීක්ෂණ මෙවලම් යොදාගැනීමට ප්‍රංශ බලධාරීන් සැරසේ.

2024 පැරිස් ඔලිම්පික් සඳහා AI නිරීක්ෂණ මෙවලම් යොදාගැනීමට ප්‍රංශ බලධාරීන් සැරසේ.

මීළඟ ගිම්හාන ඔලිම්පික් උළෙලේදී, පැරීසියේ වීදිවල සැක කටයුතු ක්‍රියාකාරකම් හා  අතහැර දැමූ ගමන් මලු සහ අනපේක්ෂිත සෙනඟ හඳුනා ගැනීමට තත්‍ය කාලීන (Rea

නවසීලන්ත රජය සුපිරි වෙළඳසැල් වලට “ග්‍රොසරි චර්යාධර්ම සංග්‍රහය”ක් හඳුන්වා දෙයි
වෛරස් සැක මත නවසීලන්තය ඕස්ට්‍රේලියානු තක්කාලි බීජ සීමා කරයි
නවසීලන්තයේ අවම වැටුප අප්‍රේල් මාසයේ සිට වැඩි කිරීමට නියමිතයි

මීළඟ ගිම්හාන ඔලිම්පික් උළෙලේදී, පැරීසියේ වීදිවල සැක කටයුතු ක්‍රියාකාරකම් හා  අතහැර දැමූ ගමන් මලු සහ අනපේක්ෂිත සෙනඟ හඳුනා ගැනීමට තත්‍ය කාලීන (Real Time) කැමරා, කෘතිම බුද්ධිය (AI) භාවිතා කරනු ඇත. 

නමුත් මෙම තාක්ෂණය සිවිල් නිදහසට තර්ජනයක් බව සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් පවසයි.

මෑත කාලීන නීතියක් යටතේ, පොලිසියට CCTV ඇල්ගොරිතම භාවිතයෙන් සෙනග ගැවසීම,

ආරවුල් හෝ නොසැලකිලිමත් බෑග් වැනි විෂමතා ලබා ගැනීමට හැකි වනු ඇත.

නිදසුනක් ලෙස “සැක සහිත” පුද්ගලයන් සොයා ගැනීම සඳහා චීනය විසින් අනුගමනය කරන ලද මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා කිරීම, නීතිය පැහැදිලිවම ප්‍රතික්ෂේප කරයි.

නමුත් විරුද්ධවාදීන් පවසන්නේ නීතියෙන් අවසර දී ඇති පරීක්ෂණ කාලය 2025 මාර්තු මාසයේදී අවසන් වුවද,

නව ආරක්ෂක විධිවිධාන ස්ථීර කිරීම ප්‍රංශ රජයේ සැබෑ අරමුණ බවට ඔවුහු බිය වෙති.

මෙය මීට පෙර ජපානයේ, බ්‍රසීලයේ සහ ග්‍රීසියේ වැනි ඔලිම්පික් ක්‍රීඩා වලදී දැක ඇත.

ක්‍රීඩා වල විශේෂ අවස්ථා සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන ලෙස සැලකූ දේ සාමාන්‍යකරණය වී අවසන් බව ඩිජිටල් හිමිකම් ව්‍යාපාරයේ Noémie Levain පවසයි.

නව AI ආරක්ෂක පද්ධතියේ අනුවාදයක් ප්‍රංශය අවට සමහර පොලිස් ස්ථානවල දැනටමත් ක්‍රියාත්මක වේ.

එක් පුරෝගාමියෙක් වන්නේ දකුණු පැරිස් උපනගරය වන Massy ය.

“නගරය වටා අපට ආරක්ෂිත කැමරා 250 ක් ඇත. අපගේ හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට නිරීක්ෂණය කිරීමට බොහෝ සෙයින් වැඩිය.” Massy හි නගරාධිපති Nicolas Samsoen පවසයි.

AI උපාංගය සියලුම කැමරා නිරීක්‍ෂණය කරයි. ඒවගේම එය සොයා බලන ලෙස කියනු ලබන දෙයක් දුටු විට, හදිසියේ මිනිසුන් සමූහයක් මෙන් එය අනතුරු ඇඟවීමක් කරයි.

එවිට මිනිසුන්ට පොලිස් නිලධාරීන්ට තත්වය පරීක්ෂා කර බලා ගත යුතු සුදුසු ක්‍රියාමාර්ගය කුමක්දැයි බැලිය හැක.

වැදගත් දෙය නම්, ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවසාන තීරණය ගන්නේ මිනිසුන් වීමයි. පරිගණකය නොවේ.

AI වීඩියෝ අධීක්‍ෂණය යනු ශරීර හැසිරීම් විශ්ලේෂණය කිරීමට සහ එය සාමාන්‍ය හෝ සැක සහිතද යන්න තීරණය කිරීමට රාජ්‍යයට ඉඩ සලසන නිරීක්ෂණ මෙවලමකි.

මුහුණේ හඳුනාගැනීමක් නොමැතිව වුවද, එය සමූහ පාලනය සක්‍රීය කරයි.

කෙසේ නමුත් ඇතැම්හූ මෙය දකින්නේ චීනයේ සිදුවෙමින් පවතින දේ මෙන්ම බියජනක ලෙසයි.

එය නිර්නාමික වීමට ඇති අයිතිය, ප්‍රසිද්ධියේ ක්‍රියා කිරීමට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමේ අයිතිය, නිරීක්ෂණය නොකිරීමේ අයිතිය අහිමි කිරීමේ එකම මූලධර්මයයි.

Share this:
error: Content is protected !!
×