පසුගිය සතිඅන්තයේ පැවති ඉසිපතනය සහ ඩි. එස්. සේනානායක විද්‍යාල අතර පැවති රග්බි තරඟයේදී මේ අපූරු උත්සාහක දිනුම වාර්තාවුනා. මෙම වීඩියෝව සමාජමාධ්‍ය හරහ හුවමාරු වූ අතර ඊට ඉහල ප්‍රතිචාර හිමිවුනේ අතිවිශිෂ්ඨ උත්සාහක දිනුමක් වීම නිසාමයි.
එම වීඩියෝවට විශේෂ ක්‍රීඩකයෙක්ද ප්‍රතිචාර දක්වා තිබුනා ඒ නවසීලන්ත All Blacks කණ්ඩායමේ Beauden Barrett විසිනි. ඔහු fly half සහ full back ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන Barrett නවසීලන්තය තරඟ 112 නියෝජනය කරමින් ලකුණු 725ක් තම කණ්ඩායමට එක කර තිබෙනවා. නවසීලන්ත එසේත් නැතිනම් All Blacks ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වන ස්ථානයේ ද Beauden Barrett සිටියි. ඔහු විසින් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලංකිකයකු සමඟ ශ්‍රී ලාංකාවේ රග්බි ගැන ප්‍රසංශනීය ලෙස ඇගයීමට ලක් කළේය.
“ඔබ මොකක්ද හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ ගන, විශේෂයෙන් ඉසිපතන ක්‍රීඩකයන් ගැන”
“ඔවුන්ගේ දක්ෂතා මා විශ්මයට පත් කරනවා. All Blacks ක්‍රීඩකයෙක් විදියට මම දන්නවා අපිට කැමති බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්න බවට. ඒවාගේම ශ්‍රී ලංකාවේ රග්බි හා පාසල් රග්බි වල තිබෙන මේ දක්ෂතාවයන් විශිෂ්ටයි … විශේෂයෙන් ඉහත සඳහන් කළ උත්සාහක දිනුම අති විශිෂ්ටයි මම විශ්මයට පත් වුනා.”