හදිසි විදුලිය බිඳවැටීම්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ සහ අද දිනයේ විදුලිය බිඳවැටීම් 14,000කට අධික ප්‍රමාණයක් වාර්තා වූ අතර, එම බිඳවැටීම් හේතුවෙන් සම්බන්ධතා 50,000කට අධික ප්‍රමාණයක් විසන්ධි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය. නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවල සහ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් වැඩි වශයෙන් මෙම බිඳවැටීම් වාර්තා වී ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය. විපතට පත් ප්‍රදේශවල විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.