HomeGeneral

ඕමානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

ඕමානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

බුලවායෝ හි පැවති ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම සඳහා ඕමාන කණ්ඩායමට ආරධනා කළේය.

පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි
නවසීලන්ත පකිස්ථාන එක්දින තරගාවලියේ ජය පකිස්ථානයට

Ayaan Khan හතරේ පහර 4ක් සමඟ ලකුණු 41ද, Jatinder Singh ලකුණු 21ද ලබාගන්නා ලදී. වනිඳු හසරංග ගේ කඩුලු 5 ක් දවාලීමට සමත් වීමත් සමඟ ඕමාන කණ්ඩායමේ ඉනිම මුළු ලකුණු 98කට සීමා විය. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පැතුම් නිස්සංක හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 37ද ඩිමුත් කරුණාරත්න හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 61ද ලබා මුළු ලකුණු 100 සහ කඩුළු 10ක පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

Share this:
error: Content is protected !!
×