HomeGeneral

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිම්බාබ්වේ හෝටලයේදී වූ සිදුවීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිම්බාබ්වේ හෝටලයේදී වූ සිදුවීම

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට සහභාගී වීම සඳහා කණ්ඩායම සිම්බාබ්වේ බුලවායෝ හි ඇති හෝටලයේ ඇති වූ පිරික්සුම් ක්‍රියාවලියේ (check-in process) ප්‍රමාදයක් සම්බන්ධයෙන් පහත පැහැදිලි කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළේය.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ T20I තරඟාවලිය සඳහා දිවයිනෙන් පිටවෙයි …
සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් අභාවප්‍රාප්තවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) දහවල් හෝටලයට පැමිණ ඇති අතර ඇතුළු වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට මදක් පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් check-in කටයුතුවල නිරතව සිටියහ. මෙම තත්ත්වය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් check-in ප්‍රමාද වීමට හේතු විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එම ගැටලුව නිවැරදි කර ගැනීමට සමත් විය.

Share this:
error: Content is protected !!
×