HomeNewsNew Zealand News

නවසීලන්ත ක්‍රිකට් ගිවිසුම් ලයිස්තුව නිකුත් කෙරේ: වසර 5ට පසු Adam Milneට අවස්ථාව

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත් ලයිස්තුව නිකුත් කොට තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් ගිවිසුම් ලයිස්තුව නිකුත් කෙරේ: වසර 5ට පසු Adam Milneට අවස්ථාව

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත් ලයිස්තුව නිකුත් කොට තිබෙනවා. ඒ තෝරාගෙන ඇති සියළුම ක්‍රීඩකයින් ජූනි 12වනදාට ප්‍රථම තම ගිවිසුම ප

දුර්වල සෞඛ්‍ය සේවා ප්‍රවේශය හේතුවෙන් ග්‍රාමීය නවසීලන්ත වැසියන් අසාධාරණ සෞඛ්‍ය අවදානමකට මුහුණ දෙයි…
South Auckland හි ගින්නක් හෙතුවෙන් විෂ දුමාරයක්.
නවසීලන්ත සංඥා භාෂා (NZSL) සතිය සැමරේ.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත් ලයිස්තුව නිකුත් කොට තිබෙනවා. ඒ තෝරාගෙන ඇති සියළුම ක්‍රීඩකයින් ජූනි 12වනදාට ප්‍රථම තම ගිවිසුම පිළිගන්න හෝ නොගන්නා බව නවසීලන්ත ක්‍රිකට් වෙත දැන්විය යුතු වෙනවා. මේ අනුව ගිවිසුම් ප්‍රකාරව යෝජනා කර ඇති ක්‍රීඩක ලයිස්තුව තුළ Finn Allen, Mark Chapman සහ Blair Tickner පසුගිය වසරේ මැද භාගයේ දී ලැයිස්තුවට සම්බන්ධ වීමෙන් පසුව රඳවාගෙන ඇත.

තව ද 2023/24 වසර සඳහා Finn Allen, Tom Blundell, Michael Bracewell, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Kyle Jamieson, Tom Latham, Adam Milne, Daryl Mitchell, Henry Nicholls,, Ish Sodhi, Tim Southee, Blair Tickner, Neil Wagner, Kane Williamson, Will Young යන ක්‍රීඩකයින් සඳහා කොන්ත්‍රාත් නිකුත් කර ඇත. 
විශේෂත්වයක් ලෙස දක්නට ලැබුනේ නවසීලන්ත ක්‍රීඩක Adam Milneට ද මෙවර ක්‍රීඩක කොන්ත්‍රාත්තුව නිකුත් කර තිබීමයි. පසුගිය තරඟවලදී පෑ දස්කම් හේතුවෙන් ඔහුට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති අතර එය ඔහුට වසර පහකින් ලැබුණු ප්‍රථම නවසීලන්ත මධ්‍යම ක්‍රිකට් කොන්ත්‍රාත්තුව වේ. 

ඔහු නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් 16 වතාවක් ක්‍රීඩා කොට ඇත. ඊට 20 විස්ස තරඟ 11ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 05ක් ඇතුලත් වේ. පන්දු යැවීමෙන් කඩුලු 24 ක් දවා ගෙන ඇති අතර හොඳම පන්දු යැවීම ලෙස 5-26 ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගන්නා ලදි. නවසීලන්ත ක්‍රීඩකයෙකුගේ තුන්වන හොඳම T20 ලකුණු ඔහු ලබාගන්නා ලදි.

31 හැවිරිදි Adam Milne 2010දී ජාත්‍යන්තර පිටියට පිවිසි අතර නවසිලන්තයේ පසුගිය ICC T20 World Cup තරගාවලි දෙකෙහිම ඔහු සාමාජිකයෙක් වූහ. නවසීලන්ත පුහුණුකරු Gary Stead පැවසුවේ Milneට මධ්‍යම කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සුදුසු බවත් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා කිරීමට ඔහුගේ ශක්තිමත් සහ අඛන්ඩ කැපවීම තිබෙන බවත්ය.

Share this:
error: Content is protected !!