HomeNewsNew Zealand News

ජූලි මාසයේ සිට නවසීලන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා විශාල වෙනසක්.

නවසීලන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා නව මාර්ගගත ප්‍රකාශ පත්‍රයක් (online declaration) ක්‍රියාත්මක කෙරේ.

ජූලි මාසයේ සිට නවසීලන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා විශාල වෙනසක්.

නවසීලන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා නව මාර්ගගත ප්‍රකාශ පත්‍රයක් (online declaration) ක්‍රියාත්මක කෙරේ.එහි රේගු, ජෛව ආරක්ෂාව, ආගමන සහ සෞඛ්‍ය අවධාන

පළමු එක්දින තරගයෙන් පකිස්තානයට පහසු ජයක්
නවසීලන්ත සේවකයින්ට ‘විසන්ධි වීමේ අයිතිය’ හෙවත් “right to disconnect” තිබේද?
නවසීලන්තයේ 2024 නීති සම්පාදන කටයුතු: වසරක විමසුමක්

නවසීලන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා නව මාර්ගගත ප්‍රකාශ පත්‍රයක් (online declaration) ක්‍රියාත්මක කෙරේ.

එහි රේගු, ජෛව ආරක්ෂාව, ආගමන සහ සෞඛ්‍ය අවධානම් පිළිබඳ ප්‍රශ්න අඩංගු වේ. ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව රේගුව පවසයි. නවසීලන්තයට පැමිණෙන මගීන් නවසීලන්ත සංචාරක ප්‍රකාශය පිරවීමට අවශ්‍ය වේ.

රට තුළට පැමිණීමේදී මින්පසු කාඩ්පත් හෝ පෝරම පිරවීම අවශ්‍ය නොවන අතර මෙම Online පත්‍රිකාව පිරවීම ප්‍රමාණවත් වේ.

ඒ අනුව ජූලි 10 වැනිදායින් ආරම්භ වන සතියේ සිට Christchurch සහ Wellington ගුවන් තොටුපළ වෙත පැමිණෙන ජත්‍යන්තර සංචාරකයින් සඳහා මෙය ක්‍රියාත්මක බව රේගුව තහවුරු කර ඇත.

ජූලි මැද සිට අග දක්වා, එය Queenstown ගුවන් තොටුපළට ඇතුළු වන සංචාරකයින් සඳහා ලබා ගත හැකි වනු ඇත.

නවසීලන්තයේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන Auckland ගුවන් තොටුපළට ඇතුළු වන සංචාරකයින් සඳහා එය අගෝස්තු මාසයේ අග වන තෙක් මෙම පහසුකම ලබා ගත නොහැක.

මෙම ඔන්ලයින් පෝරමය ලබාදෙන තුරු මේ වන තෙක් ක්‍රියාත්මක,

පැමිණීමේ කාඩ්පත් අඛණ්ඩව පිළිගනු ලබන බව රේගුව සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

වැඩි විස්තර 👉 https://www.travellerdeclaration.govt.nz/

Share this:
error: Content is protected !!
×