HomeNewsNew Zealand News

නවසීලන්ත පොලිසිය නව විදුලි BMW i4 මෝටර් රථ අත්හදා බලයි.

අත්හදා  බැලීමක් ලෙස පොලිසියට BMW i4 රථ.

නවසීලන්ත පොලිසිය නව විදුලි BMW i4 මෝටර් රථ අත්හදා බලයි.

නවසීලන්තයේ ඉදිරි මාස හයක කාලය තුළ අත්හදා බැලීමක් සඳහා භාවිත කෙරෙන නව විදුලි වාහන පොලිසිය පසුගිය දිනක එළිදක්වනු ලැබුවා. මුලික අත්හදා  බැලීමක් ලෙස පොල

සාධාරණ වැටුපක් ඉල්ලා නවසීලන්ත වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු වැඩ වර්ජන සූදානමක්
නවසීලන්ත වැසියන්ට වසරකට ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් වංචා මඟින් අහිමි වන බව MBIE අනතුරු අඟවයි
නවසීලන්තයේ තීරු බදු රහිත භාණ්ඩ සෑම විටම ලාභදායී ද?

නවසීලන්තයේ ඉදිරි මාස හයක කාලය තුළ අත්හදා බැලීමක් සඳහා භාවිත කෙරෙන නව විදුලි වාහන පොලිසිය පසුගිය දිනක එළිදක්වනු ලැබුවා. මුලික අත්හදා  බැලීමක් ලෙස පොලිසියට BMW i4 රථ පහක් ලබා දෙනු ඇත.

මෙම අත්හදා බැලීම තුළින් නවසීලන්ත පොලිස් බලඇණියට විද්‍යුත් වාහන 45ක් හඳුන්වාදීම සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා පුළුල් බලඇණි විද්‍යුත්කරණය මඟින්  වාර්ෂිකව කාබන් විමෝචනය ටොන් 176.1කින් පමණ අඩු කරගැනීම අපේක්ෂා කෙරේ.

මක්නිසාද යත් BMW i4 තත්පර 5.7 කින් 0 සිට 100 km/h දක්වා වේගවත් කළ හැකිය.

කෙසේ වෙතත්, මෙය වාහනය ධාවනය කරන ආකාරය සහ එහි බර මත රඳා පවතී.

පොලිසිය මහජන ආරක්ෂාව සඳහා කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි මූලික බව අරමුණ පොලිස් කොමසාරිස් Andrew Coster පැවසීය.

වාහන පොලිස් ස්ථානවල ආරෝපණය කිරීමට පැය දෙකක් පමණ ගත වන අතර “hyper charger”න් ආරෝපණය කළහොත් විනාඩි 30ක් පමණක් ගතවේ.

පළමු වාහනය Waikato පසුව Manukau, Central Districts, Christchurch සහ Dunedin ප්‍රාන්ත වල අත්හදා බැලීමට නියමිතයි.

Share this:
error: Content is protected !!