HomeGeneral

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම්

දකුණු කොරියාවේ Yecheon හි පැවැත්වෙන 20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව සිය පළමු රන් පදක්කම දිනාගත් අතර තරුෂි දිසානායක බාලිකා මීටර් 800 ඉසව්ව විනාඩි 2 යි තත්පර 05.634 කින් රන් පදක්කම දිනා ගත්තාය.

ශ්‍රී ලංකාව “ඔබේ ජීවිත කාලය තුළ සංචාරය කිරීමට ලොව හොඳම රටවල්” 5 අතරට …
ඉන්දියානු පිලේ ජයග්‍රහනයත් සමග යළි මතුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය…
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම බොට්ස්වානා පුහුණුවීම සහ ලෝක කුසලානය

ඇය Kazakhstan ක්‍රීඩිකාවක් වන Akbayan Nurmamet (2:10.216) සහ චීනයේ Yingying Qin (2:11.132) ට වඩා තත්පර පහකට වඩා ඉදිරියෙන් තරඟය අවසන් කළාය.

මේ අතර බාලිකා මීටර් 100 අවසන් තරගයේදී බලාපොරොත්තු සුන් කරවන අයුරින් ධාවනය කළ දිනාරා දෑල බණ්ඩාර එහිදී තත්පර 12.049ක කාලයක් වාර්තා කරමින් අවසන් ස්ථානයට පත්විය. එම ඉසව්ව තත්පර 11.615කින් වාර්තා කරමින් චීනයේ Shiqi Xiong විසින් ජයග්‍රහණය කරන ලද අතර, තත්පර 11.850ක කාලයක් වාර්තා කළ Xiajun Liu ඉදිරියෙන් සිටියේය. තායිලන්තයේ Phetkun Athicha තත්පර 11.855කින් අවසන් කරමින් තෙවැනි ස්ථානයට පත්විය.

එමෙන්ම දෙවැනි දිනයේදී මීටර් 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්ව ජයගනිමින් ශ්‍රී ලංකාව දෙවැනි රන් පදක්කමට හිමිකම් කීවේය. එම තරඟය සඳහා මීටර් 800 ඉසව්වේ රන්පදක්කම් ලාභී තරුෂි දිසානායක ඇතුලුව ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තර හේවගේ සහ හසන්ත ෂෙහාන් දිල්රංග එම තරඟ ඉසව්වට සහභාගී වෙමින් දෙවැනි රන් පදක්කම ලබාගත්තේය.

මිනිත්තු 3 යි තත්පර 25.410 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර දකුණු කොරියාව (3:28.293) සහ ඉන්දියාව (3:30.129) ඉදිරියෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීය. බාලක තුන්පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ද හිමි වූ අතර යසිරු මලිත් මීටර 15.82ක දුරක් පිම්මක් ලබා ගත්තේය. ජපානයේ Manato Miyao මීටර් 16.28කින් රන් පදක්කම දිනාගත් අතර චීනයේ Yinglong Ma මීටර් 16.22කින් රිදී පදක්කම දිනා ගත්තාය.

Share this:
error: Content is protected !!