HomeNewsNew Zealand News

South Auckland හි ගින්නක් හෙතුවෙන් විෂ දුමාරයක්.

South Auckland හි Favona හි පරණ මෝටර් රථ අමතර කොටස් තිබෙන ස්ථානයක් ගිනි ගැනීමකට ලක් විය.

South Auckland හි ගින්නක් හෙතුවෙන් විෂ දුමාරයක්.

2023.05.31 උදෑසන South Auckland හි Favona හි පරණ මෝටර් රථ අමතර කොටස් තිබෙන ස්ථානයක් ගිනි ගැනීමකට ලක් විය. ඒ හේතුවෙන් එහි නගරවැසියන්ට විෂ දුම් අනතු

නවසීලන්තයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රදේශ ගැන හෙළිදරව්වක්
නවසීලන්තයේ තද උණුසුම: නගර තුනකට අනතුරු ඇඟවීම්
පසුගිය සතියේ නවසීලන්තයේ Covid-19 නව රෝගීන් 14,242 ක්, මරණ 32 ක්

2023.05.31 උදෑසන South Auckland හි Favona හි පරණ මෝටර් රථ අමතර කොටස් තිබෙන ස්ථානයක් ගිනි ගැනීමකට ලක් විය. ඒ හේතුවෙන් එහි නගරවැසියන්ට විෂ දුම් අනතුරු ඇඟවීමක් පනවන ලදී.

ගින්න නිවීම සඳහා පෙ.ව 12.04 ට නවසීලන්තයේ Fire and Emergency New Zealand (FENZ) James Fletcher මාවත වෙත කැඳවනු ලදි.

FENZ පැමිණි විගස ගිනිගෙන ඇති ඝන මීටර් 49,000 ක පරණ යකඩ ගොඩක් සොයා ගන්නා ලදී.

අද උදෑසන මුළුල්ලේම Truck රථ සහ ආධාරක වාහන 30ක් දක්වා මෙම සිද්ධියට සහභාගී විය. FENZ සිදුවීම් පාලක Phil Larcombe පැවසුවේ ගිනි නිවන භටයින් එක රැයකින් ගින්න නිවා දැමීමට අපේක්ෂා කරන බවයි.

මිනිසුන්ට නිවාස ඇතුළතටවී  තමන්ව, සහ සුරතල් සතුන් ආරක්ෂා කරගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටී.

South Auckland වැසියන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද අතර, “විෂ දුම්” වළක්වා ගැනීම සඳහා දොරවල් සහ ජනෙල් වසා දමන ලෙස ඔවුන්ට උපදෙස් දෙන ලදී.

ගින්න පාලනය කර ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම නිවා දැමීමට දීර්ඝ ක්‍රියාවලියක් ඇති බව පවසයි.

 

Share this:
error: Content is protected !!
×