වලංගු වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශිකයන් සඳහා වීසා ගාස්තුවලට අමතරව ඇමරිකානු ඩොලර් 500 ක දඩය සංශෝධනය කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුව අනුමැතිය ලබා දී ඇත.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී මෙම අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව වලංගු වීසා බලපත්‍රයේ රැඳී සිටින කාලයට වඩා දින 7ක් හෝ ඊට අඩු කාලයක් තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනුමත වරායකින් පිටවීම සඳහා වීසා බලපත්‍ර කාලය දීර්ඝ නොකර අය කිරීම සඳහා දඩ මුදලක් අය නොකළ යුතු බවට නිර්දේශ කර ඇත. දින 07කට වඩා වැඩි කාලයක් සහ දින 14ක් හෝ ඊට අඩු කාලයක් වැඩිපුර රැඳී සිටීමේ කාලය සඳහා ඇමරිකානු ඩොලර් 250ක දඩයක් සහ දින 14කට වඩා වැඩි කාලයක් රැඳී සිටීම සඳහා ඇමරිකානු ඩොලර් 500ක දඩයක් අය කිරීමට තීරණය කර ඇත.
සංචාරක ප්‍රවර්ධනය ආයෝජකයින් ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදේශ දූත මණ්ඩලවල සේවය කරන නිලධාරීන්ට ඉහත දඩ මුදල ගෙවීමට සිදුවීමෙන් වන අපහසුතාවයන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව කළ ඉල්ලීම්වලට අනුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි දිනකදී මෙම නියෝග පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමට නියමිතයි.





