HomeWorld News

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානය ඇවිලේ.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානය ඇවිලේ

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානය ඇවිලේ.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ පුළුල් සහ මාරාන්තික විරෝධතා අවසන් කිරීමට රජය, හමුදාව කැඳවීමත් සමඟ පාකිස්තාන බලධාරීන් ඉම්රාන්

ශ්‍රී ලංකාවට අහිමි වූ 19න් පහල ලෝක කුසලාන සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට
නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට වැසිබර කාලගුණික තත්ත්වයක්
AnyDesk භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක්

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ පුළුල් සහ මාරාන්තික විරෝධතා අවසන් කිරීමට රජය, හමුදාව කැඳවීමත් සමඟ පාකිස්තාන බලධාරීන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට අවම වශයෙන් පක්ෂ නායකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බ්‍රහස්පතින්දා ප්‍රධාන නගරවල පැරාමිලිටරි හමුදා සහ පොලිසිය වීදිවල සිටීමත් සමඟ ජනතාව මහත්සේ කුපිත වන්නට විය. ජංගම දුරකථන ජාල පහසුකම් අත්හිටුවා තිබූ අතර පාකිස්තානයේ පළාත් හතරෙන් දෙකක පාසල් සහ කාර්යාල වසා දමා ඇත.

ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අල්ලස් විරෝධි ඒජන්සිය විසින් අඟහරුවාදා අත්අඩංගුවට ගැනීමෙන් පසු විරෝධතාකරුවන් හමුදා ගොඩනැගිලිවලට කඩා වැදී, නැගෙනහිර ලාහෝර් (Eastern city of Lahore) නගරයේ ඉහළ හමුදා ජෙනරාල්වරයෙකුගේ නිවස කොල්ලකා  ඇති අතර, වෙනත් ස්ථානවල රාජ්‍ය ගොඩනැගිලි සහ වත්කම් ගිනි තබා ඇත. ඛාන්, අග්‍රාමාත්‍ය ධූර කාලය තුළ නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් බදාදා කිසිඳු  සම්බන්ධයක් නොමැති නඩුවකදී පාකිස්තාන අධිකරණයක් විසින් ඔහුට අධිචෝදනා ගොනු කරන ලදී. උග්‍ර ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මේවනවිට  මිය ගොස් ඇත.

එමෙන්ම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඉම්රාන් ඛාන් උපන් පන්ජාබ්හී විරෝධතාකරුවන් 1,650 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ඛාන්ට එරෙහි දූෂණ නඩු රැසක්, 2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් ඔහු නෙරපා හැරීමෙන් පසු පනවා ඇත. නොවැම්බරයේදී ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඛාන් වරදකරු වුවහොත් රාජ්‍ය නිලතල දැරීම තහනම් වනු ඇත.

 
Share this:
error: Content is protected !!